Sunday, October 13, 2019

ලිංගික දර්ශනයක් වුණත් සමහරුන්ට ඒක අභියෝගයක්. හැබැයි ලිංගික දර්ශනයක් මට අභියෝගයක් නෙවෙයි – දසුන් පතිරණ

දසුන්ව මේ දවස්වල දකින්න ලැබෙන්නේ ‘හුස්ම’ එක්ක. මොකක්ද මේ හුස්ම එක්ක දසුන්ගේ තිබෙන සම්බන්ධය?

‘හුස්ම’ කියන්නේ වෙනස්ම ආකාරයක ත්‍රිලර් ෆිල්ම් එකක්. එය සුදේශ් වසන්ත පීරිස් අයියගේ අධ්‍යක්ෂණයක්. සුදේශ් අයියගේ මේ වගේ වැඩක් මීට කලින් කවුරුත් දැකලා තිබ්බේ නැහැ. මොකද ඔහු බයිස්කෝප් ගණයේ චිත්‍රපට කළේ. මේක ඔහු කරපු පළමුවැනි කලාත්මක චිත්‍රපටය. මම ඒ චිත්‍රපටයේ ‘කුමාර’ වුණා.

‘හුස්ම’ එක්ක ජීවත් වෙන ‘කුමාර’ ව සමහරුන්ට මුණගැහිලා ඇති. සමහරුන්ට තාමත් මුණගැහිලා නැතිව ඇති. කවුද මේ කුමාර?
කුමාර කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්. සාමාන්‍ය ආසාවල් ඔහුටත් තියෙනවා. අම්මටත් ආදරය කරන ඔහු ආසාව පස්සේ ගිහින් වෙන දේවල් තමයි ‘හුස්ම’ තුළ තියෙන්නේ.
සුදේශ් වසන්තගේ පළමුවැනි කලාත්මක චිත්‍රපටයට සම්බන්ධ වෙන්න එක පයින් කැමැති වුණාද?
මේ චිත්‍රපටයට මට කතා කරද්දී මුලින් හිතුණා, මේකට ගිහින් මට මොනවා වෙයිද කියලා. නමුත් මේ චිත්‍රපටය රීමේක් එකක්. ඒ තිරපිටපත බැලුවම මේක කළ යුතුයි කියලා මට හිතුණා. ආශාවන් පස්සේ ගිහින් වෙන දේවල් ටිකක් තමයි ‘හුස්ම’ චිත්‍රපටයේ තියෙන්නේ. ‘කුතුහලය’ කියන දේ මේ චිත්‍රපටය පුරාවටම තියෙනවා.

බහුතරයක් නොකරන අභියෝගාත්මක රංගනයක් කරන්න දසුන් බය නැහැ වගේ?
අභියෝග භාරගන්න මම කැමැතියි. ලිංගික දර්ශනයක් වුණත් සමහරුන්ට ඒක අභියෝගයක්. හැබැයි ලිංගික දර්ශනයක් මට අභියෝගයක් නෙවෙයි. නිරුවත සම්බන්ධයෙන් මට ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ ප්‍රේක්ෂකයන්ට සෙක්ස් කියන දේ මාරයිනේ. නමුත් මට මාර නැහැ. සමහරු මගෙන් අහනවා ‘චිත්‍රපටයේ තියෙන ලිංගික දර්ශන ඇත්තටම කළාද’ කියලා. මම නළුවෙක්. ඒ චිත්‍රපටයේ ඉන්නේ මම නෙවෙයි කුමාර. මගේ බිරිය හංසි මගෙන් ප්‍රශ්නයක් අහනවා ‘ඒ චිත්‍රපටයේ ලිංගික දර්ශනවලදී තිබුණ වගේ මූණක් මගෙන් එයා දැකලා නෑ නේ’ කියලා. මම එයාට කිව්වෙත් ඒ ඉන්නේ මම නෙවෙයි කුමාර කියලා. මට වැඩක් කරන්න තියෙනවා නම් මම ඒක ආසාවෙන් හරියට කරනවා.

තනිකඩ කාලේ මෙවැනි රංගනයන් කරන්න තිබ්බ නිදහස විවාහයෙන් පස්සෙත් ලැබෙනවාද?

ඔව්. එයාගෙන් මට වාරණ තිබ්බා නම් මට එයා එක්ක ඉන්න බැරිවෙයි. ආදර ජවනිකා කරනවාට සමහර ගැහැනු අය කැමැති නැහැනේ. නමුත් නළුවෙක් විධියට මට හංසි වගේ කෙනෙක් ලැබීම හොඳ අවස්ථාවක්. එයා රටින් පිට හිටපු නිසාද දන්නේ නැහැ හොඳ තේරුම් ගැනීමක් හංසිට තියෙනවා. එහෙම තේරුම් ගැනීමක් තිබ්බේ නැත්නම් මාව විනාශ කරන්න තිබ්බා. මම දැවෙන විහඟුන් චිත්‍රපටයේ අනෝමා ජිනාදරී එක්ක ලිංගික දර්ශනයකට රඟපෑවේ හංසි එක්ක යාළුවෙලා ඉන්න කාලේ. රඟපාන එක එයාට ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තටම කළොත් නම් ඒක එයාට ප්‍රශ්නයක්.

මේ වගේ දර්ශනවලට පෙනී හිටියම සමාජයෙන් විවේචන මතුවෙලා නැද්ද?
ගෙදර අයගෙන් ප්‍රශ්නයක් නැත්නම් මට අනෙක් දේවල් අදාළම නැහැ. ‘සයපෙති කුසුම’ චිත්‍රපටය කරද්දීත් සමහරු මට ඒ වගේ දෙයක් කරන්න එපා කිව්වා. කෙල්ලන්ගේ ආදරේ අඩුවෙයි කිව්වා. මම මියුසික් වීඩියෝ කරපු කාලෙක මට කැමැති වෙලා හිටිය ප්‍රේක්ෂක පිරිස ඒ වගේ චිත්‍රපටයක මාව දකින්න කැමැති නොවෙයි කිව්වා. හැබැයි මම ජනප්‍රිය නළුවා කියන තැන නැහැ. මම චරිත කරන්න ආසයි. මම සයපෙති කුසුම’ චිත්‍රපටය රඟපෑවට කවුරුත් මට වෙන නම්වලින් ඇමැතුවේ නැහැ. සමලිංගික චරිතයක් කළාට මාව ඒ විධියට සැලකුවේ නැහැ. හරි එක කරන්නයි මට ඕනෑ.

මොන දේ කළත් දසුන් එක රාමුවකට කොටු වෙලා නෑ නේද?
මම චිත්‍රපට දෙකක ලිංගික දර්ශන රඟපාලා තියෙනවා. සයපෙති කුසුම’ චිත්‍රපටය වෙන විධියක්. මම ඒ ඒ චරිතයට වෙනස් වුණා. අපි දැනගන්න ඕන වෙනස් වෙන්න. අපිව කොටු කරන එක නවත්වන්න ඕනේ අපිමයි. මම ඒකට උත්සාහ ගනිමින් ඉන්නවා.

එකම රැල්ලට කොටු කරන වැඩ දසුන් මඟ හරිනවාද?
රැල්ලට කතා කරන වැඩවලට මම යනවා අඩුයි. වැඩේ හොඳ නම් ලිංගික දර්ශනයක් තිබ්බට මට ප්‍රශ්නයක් නැහැ. නමුත් මුලින්ම ලිංගික දර්ශනය ගැන කතා කරනවා නම් මම බෑ කියනවා. මම කොටු වෙන්න කැමැති නැහැ.

ලිංගික දර්ශනයක් රඟපාන්න හැමෝම කැමැති නැහැ. දසුන් ඒ වගේ දර්ශන සහිත නිර්මාණවලට වෙන මුදල්මය වටිනාකමකුත් හදාගෙනද තියෙන්නේ?

හැමෝටම කැමරාව ඉස්සරහා ඇඳුම් ගලවන්න බෑ. කෙල්ලෙක්ට වුණත් එහෙමයි. චමත්කා වුණත් නිළියක් විධියට ආරක්ෂා කරගන්න ඕන කෙල්ලෙක්. මට මුදල්මය වටිනාකමක් තියෙනවා. හැබැයි මට මුලින්ම පේන්නේ වැඩේ. දෙවැනියට තමයි සල්ලි පේන්නේ. මගේ වටිනාකම මම ගන්නවා. සල්ලි නෑ, තියෙන්නේ මෙච්චරයි කිව්වොත් කණ්ඩායමක් විධියට එකතුවෙලා යාළුකමට කළ වැඩත් තියෙනවා. කොහොම වුණත් වැඩේ තමයි අංක එක.

අලුත් නිර්මාණවලට ආරාධනා ලැබිලා තියෙනවාද?
උපාලි ගම්ලත්ගේ චිත්‍රපටයකට සහ තව චිත්‍රපට 2කට කතා කරලා තියෙනවා. ගජමෑන් චිත්‍රපටයත් ඉක්මනින්ම තිරගත වෙයි. තව ටෙලිනාට්‍ය දෙකක් විතර කළා ගොඩක් වැඩ නෑ. එන වැඩ ඇති.

රඟපෑම පැත්තකින් තියමුකෝ. සැමියෙක්ගේ, පියෙක්ගේ භූමිකාව ඉෂ්ට කරන්න දසුන් ඇත්තටම කැපවෙනවාද?

පසුගිය දවස්වල හංසි ලංකාවේ හිටියේ නැහැ. ඒ නිසා මම දරුවෝ දෙන්නව බලාගෙන හිටියා. අම්මා කෙනෙක් කොයි තරම් දරුවෝ වෙනුවෙන් කැප වෙනවාද කියලා දරුවෝ බලාගන්න කොට තේරෙනවා. මම හොඳ නළුවෙක් සහ හොඳ තාත්තා කෙනෙක්. හැබැයි මම හොඳ සැමියෙක් කියන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ.

දුවලා දෙන්නා කවදා හරි නිළියෝ වෙන්න හිතුවොත් දසුන් ඒකට කැමැති වෙනවාද?
අනිවාර්යයෙන්. එයාලා ලංකාවේ හොඳ නිළියෝ වෙනවට මම කැමැතියි.

මොනවද ඉදිරි සැලසුම්?

ආට් හවුස් එකක් දාන්න බලාපොරොත්තුවක් තියෙනවා. බලමු.

---------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka