Wednesday, March 4, 2020

ඒ නිසයි අපි ලංකාවෙන් ගියේ - නමුත් ඒ කාලය ඇතුළත මාව මිනිස්සුන්ට අමතක වෙලා නැහැ - නතාශා

සුළඟක් වී මං යනවා දුර අහසේ ඇවිදින්නට
අප්පච්චී කොහොමද මං අල්ලන්නේ...


මේ ගීතය එඞ්වඞ් ජයකොඩි සමග කියපු පුංචි කෙල්ල ඔබට මතකද?. නමින් නතාෂා පෙරේරා. අද වෙනකොට ඇය බිරිඳක්. මේ වෙනකොට ඇය ලංකාවෙත් නෙමෙයි පදිංචිය. ඔස්ටේ‍්‍රලියාවේ. ඔන්න කාලෙකට පස්සේ නතාෂා ලංකාවට ඇවිත්. ඒ තනියම නෙමෙයි. ප‍්‍රිහාන් එක්ක. මෙදා සැරේ ලංකාවට ඇවිත් තියෙන්නේ විශේෂ හේතුවකට. කියවලා බලන්නකෝ මොකටද කියලා.

නතාෂා පසුගිය කාලයේ ලංකාවේ හිටියේ නැහැ නේද?
ඔව්. මම පහුගිය කාලේ ලංකාවේ හිටියේ නැහැ. මට දැන් ඔස්ටේ‍්‍රලියාවේ ස්ථිර පදිංචිය ලැබුණා. අවුරුදු එකහමාරක් දෙකක් විතර කාලයක් මම ඔස්ටේ‍්‍රලියාවේ තමයි හිටියේ.

නතාෂා කවදාද ලංකාවට ආවේ ?
දැන් ලංකාවට ඇවිත් මාසයක් විතර වෙනවා. මේ ආපු කාලයේ කලා කටයුතු වෙනුවෙන් යමක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ.


ආපහු කවදාද ලංකාවෙන් යන්නේ ?

තව ටික දවසක් ලංකාවේ ඉන්නවා. තව මාසයක් විතර තමයි ලංකාවේ ඉන්න අදහස් කරන්නේ.

මෙවර ප‍්‍රිහාන් එක්කමද ලංකාවට ආවේ ?

ප‍්‍රිහාන් එක්ක තමයි ලංකාවට ආවේ.

කොහොමද ඔස්ටේ‍්‍රලියාවේ ගෙවන ජීවිතය?

ඔස්ටේ‍්‍රලියාවේ ගෙවන ජීවිතය කියන්නේ මේ වගේම තමයි. ඉතාම කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. නමුත් ලංකාවයි ඔස්ටේ‍්‍රලියාවයි අතර ගත්තහම ලොකු වෙනසක් තියෙනවා. එහේ ඉතිං අපි හැමදේම තනියම කරගන්නවා. එ්ක ඉතිං අලූත්ම අත්දැකීමක්.

ලංකාවෙන් යන්න කලින් ගීතයක් එළිදක්වනවා කියන්නේ ඇත්තද?

ඔව්. ලංකාවෙන් යන්න කලින් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒක ඉතා ඉක්මණින්ම එළිදක්වන්න තමයි හිතාගෙන ඉන්නේ.

ගීතය පද රචනය සහ සංගීතය එහෙම කාගේද?

ගැන දැන්ම අපි කතා නොකර ඉමු. ඒක තව ටික දවසකින් දැනගන්න ලැබේවි. දැන්ම ගැන කිව්වොත් එදාට කියන්න දෙයක් නැතිවෙනවානේ.

සැමියා ප‍්‍රිහාන් එක්ක ගීතයක් කරන්න අදහසක් නැතිද?
අදහසක් තියෙනවා. මොකද අපි දෙන්නා එකට කරපු නිර්මාණයක් නැහැ. අපේ තනි තනි නිර්මාණ වගේම අපි දෙන්නාගේ ගීතයක් කරන්න ලොකු අදහසක් තියෙනවා.

එතකොට ප‍්‍රසංගයක් කරන්න තියෙන අදහස?

කට්ටිය කියනවා ප‍්‍රසංගයක් කරමු කියලා. එ් වගේම ආරාධනත් ලැබෙනවා. නමුත් අපි හිතන්නේ තනි නිර්මාණ කිහිපයක් කරලා ප‍්‍රසංගයක් කළොත් හොඳයි කියලා. එ්ක අනාගතයේදී කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. වගේම විදෙස් ප‍්‍රසංගවලටත් සහභාගිවෙන්න අදහසක් තියෙනවා.

මෙවර ලංකාවට එන්න විශේෂ හේතුවක් තිබුණාද?
ගොඩක් කාලයක් ඔස්ටේ‍්‍රලියාවේ පදිංචිවෙලා හිටියා. පවුල් අය මගේ ඥතීන් මුණ ගැහෙන්න වගේම අපේ උපන්දින එහෙම තිබුණා. ඒවා නිසා තමයි ලංකාවට එන්න කල්පනා කළේ.

දිගු කාලයකට පස්සේ ලංකාවට ආපු හින්දා මෙවර ලැබුණේ මොනව ගේ ප‍්‍රතිචාරද?

ඇත්තටම කිව්වොත් ක හරිම පුදුමයි. මම හැමදාම රූපවාහිනියෙන් පෙනෙන්න හිටියේ නැතත් නිර්මාණ ඉඳහිට කලත් තවමත් මිනිස්සු මට ආදරෙයි. කොහේ ගියත් මට ලැබෙන ප‍්‍රතිචාරවලින් අඩුවක් නැහැ. එ් ගැන මටත් පුදුමයි.

ඒ කියන්නේ නතාෂව තවම මිනිස්සුන්ට අමතක වෙලා නැහැ ?

එහෙම තමයි මට හිතෙන්නේ. එ්ක ලංකාවේ හිටියත් ඔස්ටේ‍්‍රලියාවේ හිටියත් පොදුයි. ඒක හරි පුදුමයට කරුණක්.

සුළඟක් වී මම එනවා ගීතය කියපු පුංචි කෙල්ලට අදටත් මිනිස්සු ආදරෙයි ?

ඒක තමයි මමත් හිතන්නේ. මම ගීතය ගායනා කළේ 20001. ඒ කියන්නේ හරියටම අවුරුදු දහනවයකට කලින්. නමුත් ඒ කාලය ඇතුළත මාව මිනිස්සුන්ට අමතක වෙලා නැහැ. ඊළඟට මගේ දඟමල්ල ටෙලිනාට්‍යය. ඒ කියන්නේ හරි නිර්මාණ එකක් දෙකක් කළත් ඇති. නිර්මාණ සියයක් කරන්න වුවමනාවක් නැහැ. ඒ නිසානේ මාව අදටත් මිනිස්සුන්ට මතක.

ප‍්‍රිහාන්ගේ සංගීත වැඩකටයුතු එහෙම කොහොමද?

එයත් ගොඩකාලෙකට සංගීත වැඩකටයුතු කළේ නැහැ. ඉතිං මම හිතන්නේ මේ පාර ලංකාවට ආවේ නිර්මාණ කරන්න අදහසින්. මෙවර හොඳ නිර්මාණ කිහිපයක් පේ‍්‍රක්‍ෂකයන්ට දෙන්න තමයි අදහස් කරන්නේ.

නතාෂා ප‍්‍රිහාන් සමග ගෙවන ජීවිතය එහෙම කොහොමද?


හොඳයි. හරිම සුන්දරයි. ඔස්ටේ‍්‍රලියාවේදී නම් මගේ අතින් තමයි ගෙදර වැඩකටයුතු සියල්ල සිදුකළේ. එ් දේවල් මම හරිම ආසාවෙන් තමයි කරන්නේ. ඉතිං මම හිතන්නේ අපි හරි සතුටින් කාලය ගත කරනවා.

ලංකාව ගැන මොකද හිතෙන්නේ ?

අපි ලෝකයේ පළමුවැනි දියුණු රටක ජීවත්වෙන්නේ. ඒ මොන රටක ජීවත් වුණත් ලංකාව අපිට අමතක කරන්න බැහැ. හැමදෙයක්ම හොඳින් සිද්ධවෙනවා.

නතාෂා ප‍්‍රිහාන් කැදැල්ලට අලූත් අමුත්තෙක් ගෙනඑන්න දැන්ම අහසක් නැතිද?

දැන්ම එහෙම අදහසක් නැහැ. අනික අපි එහෙම සැලසුම් කරලත් නැහැ. දේවල් හරි වෙලාවට සිද්ධවේවි කියලා හිතනවා. දැනට සැහැල්ලූවෙන් ජීවිතය ගත කරනවා.

ලංකාවෙන් ගිය හින්දා ප‍්‍රිහාන්ගේ සංගීත වැඩකටයුතු අඩාල වෙලාද?

ඇත්තටම ඔව්. මම එහෙම හිතනවා. පි‍්‍රහාන්ගේ විතරක් නෙමෙයි අපි දෙන්නාගේම. ඒ ගැන හිතලාම තමයි අපි මෙවර ලංකාවට ආවේ. අපිට ඔස්ටේ‍්‍රලියාවේ ස්ථිර පදිංචිය ලැබුණා. ඒ  නිසයි අපි ලංකාවෙන් ගියේ. ඇත්තටම නිර්මාණ පැත්තෙන් ගත්තොත් රටවල් දෙකක ඉඳගෙන එහෙම නිර්මාණ කරන්න අමාරුයි. ඉතිං වැඩිපුර ලංකාවේ ඉඳලා නිර්මාණ කරන්න තමයි හිතන්නේ.

ජීවිතය ගැන ආපසු හැරී බැලූවොත් ?

2020 ට මම ක්‍ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු දාහතයි. මේ කාලය පුරාවටම බොහෝදෙනාගේ ආදරය ලැබුණා. විවේචනවලට ලක්වුණා. නමුත් විවේචනවලට වඩා මට ආදරය වටිනවා. ඉතිං මම කියන්නේ මගේ පේ‍්‍රක්‍ෂකයන්ට මට හැමදාම මේ වගේ ආදරය කරන්න ඕනෑ කියලයි. මාව දැක්කොත් කතා කරන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. ආඩම්බරයි කියලා හිතන්න එපා. හැමෝම හිතන්නේ මම ආඩම්බරයි කියලා. මම එහෙම නැහැ. කතා කළොත් එ් කතාව බොරුවක් කියලා ඔබලාට හිතේවි.

දිනේෂ් විතාන

---------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka