Tuesday, October 15, 2019

නර්තනය කියන්නේ මගේ සහජ දක්ෂතාවයක් - දමිත්‍රි සුබසිංහ

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ ජයග්‍රාහිකාව වූයේ දමිත්‍රි සුබසිංහයි. දමිත්‍රිට එම ජයග්‍රහණයත් සමග කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. මේ වනවිට දමිත්‍රි නිර්මාණ කිහිපයකටම දායක වෙලා තිබෙනවා. ඒ වගේම මේ දිනවල විකාශය වන "පාවෙලා වලාකු‍ළේ ඒවිද අම්මා" ටෙලි නාට්‍ය තුළින් දමිත්‍රි ඔබේ ආලින්දය හැඩ කරනවා. ඉතින් අපි දමිත්‍රිට සාරවිට කතාබහට ආරාධනා කළා.

දමිත්‍රි මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

මේ දවස්වල දෙරණ නාලිකාවේ විකාශය වන "පාවෙලා වලාකු‍ළේ ඒවිද අම්මා" ටෙලි නාට්‍යය තුළින් ප්‍රේක්ෂකයන් අතරට එනවා. ඊට අමතරව වෙළඳ දැන්වීම්
කිහිපයකටත් සම්බන්ධ වුණා. ඒ වැඩ කටයුතුත් සමග රැකියාවේ වැඩකටයුතුත් කරනවා.

 "පාවෙලා වලාකු‍ළේ ඒවිද අම්මා" ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය ගැන කිව්වොත්?

මම මෙහි චරිත දෙකක් නිරූපණය කරනවා. ඒ මධාරා සහ උදාරා කියන චරිත දෙක. නාට්‍යයේ මේ දෙන්නා අක්කයි නංගියි. මධාරා කියන්නේ අක්කා. එයා තැන්පත්, අහිංසක චරිතයක්. උදාරා කියන්නේ කටකාර දඟකාර, අසාධාරණයට එරෙහිව කතා කරන කෙනෙක්. මම හිතනවා එකම නාට්‍යයක දෙයාකාර චරිත දෙකක් නිරූපණය කිරීමට ලැබුණු එක වාසනාවක්. ඇත්තටම ඒ ගැන මට සතුටුයි.


මේ චරිත දෙක ඔබේ ජීවිතයට ගත්තොත් ඔබට වැඩියෙන්ම ගැලපෙන්නේ කවුද?

මෙහෙමයි. මම මේ චරිත දෙකටම ආදරය කරනවා. මට දැනෙන විදිහට උදාරා මධාර චරිත දෙකම සමාජ කෝණයෙන් බැලුවාම හොඳ චරිත දෙකක්. ඒ දෙන්නාගේම තිබෙන සමහර ගතිගුණ මට තිබෙනවා.


"පාවෙලා වලාකු‍ළේ ඒවිද අම්මා" කියන්නේ ඔබේ පලමු ටෙලි නාට්‍ය නේද?

ඔව්. මේ මම රංගනයෙන් දායක වන පලමු ටෙලි නාට්‍යයි. නමුත් දෙරණේ විකාශය වුණු %නොනිමි^ කියන ටෙලි චිත්‍රපටය තමයි මගේ මුල්ම රංගනය වෙන්නේ.


මේ දිනවල දක්නට ලැබෙන වෙනත් නිර්මාණ ගැන කිව්වොත්?


ඔව්. වැඩියෙන්ම මාව දක්නට ලැබුණේ වෙළඳ දැන්වීම් හරහා. සිංගර් වෙළඳ දැන්වීමකට තමයි මුලින්ම සම්බන්ධ වුණේ. ඊටපස්සේ කැංගරු, මොබිටෙල්, රිච් ලයිෆ් වැනි වෙළඳ දැන්වීම්වලට සහභාගී වුණා. මුලින්ම වෙළඳ දැන්වීමකට ආරාධනා ලැබුණේ චතුර අයියා හරහායි.

තවම මියුසික් වීඩියෝ වලට අවස්ථාවක් ලැබුණේ නැද්ද?


මියුසික් වීඩියෝස් දෙකකට ආරාධනා ලැබුණා. ඒවාට ඉදිරියේදී සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා.

ඔබ ක්ෂේත්‍රයට එකතු වෙන්නේ මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලිය හරහා. මේ පොඩි කාලේට ලැබුණු අත්දැකීම් කොහොමද?

ඇත්තටම මම හිතනවා මම ඒ අතින් ගොඩක් වාසනාවන්තයි කියලා. මම අවුරුදු කුමරිය විදිහට කිරුළු පළඳින්නේ අප්‍රේල් මාසේදි. මැයි වලදි වගේ තමයි මම ක්ෂේත්‍රයට එකතු වෙන්නේ. ඉතින් මේ පොඩි කාලේට ගොඩක් නිර්මාණවලට සම්බන්ධ වෙන්න ලැබුණා. විශේෂයෙන් වෙළඳ දැන්වීම් රැසකට දායක වුණා. මේ පොඩි කාලේට මම නොහිතපු තරමේ ජනප්‍රියත්වයක් ලැබුණා. ගොඩක් දේවල් ඉගෙනගත්තා සහ ගොඩක් හොඳ අත්දැකීම් රැසක් ලැබුණා.

ඔබ කලාවත් සමගම රැකියාවකත් නිරත වනවා?


ඔව්. මම ක්ෂේත්‍රයට සම්බන්ධ වුණෙත් රැකියාව කරන අතරතුරදියි. රැකියාව මගේ කලාවට බාධාවක් නෙවෙයි. මම බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවා. රැකියා ස්ථානයෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ නිසා මට මගේ වැඩකටයුතු සමබරව කරගෙන යා හැකියි.

දමිත්‍රිගේ නර්තන වැඩකටයුතු වලට මොකද වුණේ?

ඒ වැඩ අත් හැරලා නැහැ. නර්තනය කියන්නේ මගේ සහජ දක්ෂතාවයක්. මට ලැබෙන වෙලාවත් සමග මම විනෝදාංශයක් විදිහට නර්තනයෙහි නිරත වනවා.

ලැබුණු අත්දැකීම් සමග කලාව පිළිබඳව කොහොමද හිතන්නේ?

රංගන ක්ෂේත්‍රය පිළිබඳව විවිධ අය තුළ විවිධ මත තිබෙනවා. මම දකින විදිහට නම් තමන්ට හැමදේම ගැන හොඳ අවබෝධයක් තිබෙනවා නම්, තැනකට ගිහිල්ලා හැසිරෙන්න දන්නවා නම් ඉදිරියට යන්න පුළුවන් හොඳ තැනක්.

ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම හොඳයි. මම සම්බන්ධ වෙලා පොඩි කාලයක් වුණාට හිතන්නේ නැති තරමේ ප්‍රේක්ෂකයෝ පිරිසක් මට එකතු වුණා. මං ගැන කතා මිනිස්සු කතා වෙන්න පටන් ගත්තා. ගොඩක් සතුටුයි ඒ ගැන.

දමිත්‍රි කියන්නේ පෙම්වතියක්ද?


ඔව්. මම පෙම්වතියක්. ඔහු ගැන විශේෂයෙන් කියන්න ඕනේ. ඔහුගෙන් ලොකු මගේ කලා කටයුතුවලට ලොකු සහයෝගයක් ලැබෙනවා. එයා ඉංජිනේරු අංශයේ රැකියාවක නිරත වනවා.

ඔබට සහයෝගය දක්වපු අය කවුද?

ඔව්. ගොඩක් අය ඉන්නවා. මගේ අම්මා, තාත්තා ඇතුළු මගේ පවුලේ අය. එතකොට මගේ පෙම්වතා. දෙරණ ආයතනය මතක් කරන්න ඕනේ. මම අද මෙතන ඉන්නේ දෙරණ ආයතනය නිසා. ඒ වගේම ලක්සිරි සර්, දිලූක ගුණතිලක මහත්මයා, සුරේන් රාජපක්ෂ, සමන් එදිරිමුණි, චරිත් කොතලාවල, ධම්මික අලුත්ගෙදර, දෙනුවන් සේනාධි කියන අයවත් මම ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම පාවෙලා වලාකුළේ ඒවිද අම්මා නාට්‍යයේ සියළු දෙනාටත්, තිරය පිටුපස සිටින සැමවත් ආදරයෙන් මතක් කරනවා. විශේෂයෙන් මගේ ප්‍රේක්ෂකයන්වත් මම මේ අවස්ථාවේදී මතක් කරනවා සහ ඔවුන්ට ස්තූතියි කරනවා.

 කැළුම් දේවින්ද 

 under the courtesy of Saaravita.lk news web

---------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka