Sunday, October 13, 2019

මගේ හුස්ම මගේ දුව - නලින්

ඔහුගේ හඬ මෙන්ම රුවද ඔබේ හදෙහි ආදරණිය සටහන් තබා ඇති බව නොඅනුමානය. විටෙක පේ‍්‍රක්ෂක ආදරය නොඅඩුව ලැබෙන නිවේදකයකු ලෙසින්ද ඔබේ ගෞරවයට පාත‍්‍ර වූ ඔහු මේරියන්ස් කණ්ඩායම් නායක නලින් පෙරේරා.

අපි අද ඔහු සඳැල්ලට කැන්දාගෙන ආවේ ආදරණීය පියකු ලෙසින් හිස ඔටුණු පැළª සොඳුරුතම මතකයන් අවධි කිරීමටය.

‘පිය සෙනෙහස මට මුලින්ම දැනුණේ මගේ තාත්තාගෙන්. තාත්තාගෙන් ලැබුණ ආදරය, සෙනෙහස, රැකවරණය, ආරක්ෂාව, මට දැනෙන්න ගන්නේ මම  තාත්තා කෙනෙක් වුණාම. සොඳුරු කතාවට ඔහු මුල පිරුවේ එපරිද්දෙනි.

පියෙකු ලෙසින් හිස ඔටුනු පැළඳුවේ මීට අවුරුදු කීයකට කලින්ද?

හරියටම අවුරුදු 24කට කලින්. දැං මගේ දුවට අවුරුදු 24ක්. අපි විවාහ වුණේ 1994
වසරේ දෙසැම්බර් මාසේ. දුව 1995 දී ලැබුණා.

දුවෙක් පළමුවරට ලැබීම ඔබ බලාපොරොත්තු වූ දෙයක්ද?

අම්මෝ ඔව්. අපි දෙන්නාගේම ලොකු ආසාවක් තිබුණ පළමුවරට දුවෙක් අපිට ලැබෙනවා නම් කියලා. ආසාව ඒ විදිහටම ඉෂ්ට වුණා.

මතකයේ තියෙනවා ද බිරිඳ දරුවෙක් ලැබෙන්න යනවා කියන පණිවිඩය මුලින්ම ඔබට කියපු වෙලාවේ හිතට දැණුන දේ.

ඔව්. මට ඒ සුන්දර මතකය අද ඊයේ වගේ. ඒ මිහිරි වදන් කනට ඇහුණාම මට මහා ලොකු වචනයෙන් විස්තර කර ගන්න බැරි සතුටක් දැනුණා. ඒ වගේම ‘දෙයියනේ මට දරුවෙක්’ මම තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා හිතලා හිතට දැනුනාම ඊට පස්සේ හිතුණා දැං යම්කිසි තලයකට ආපු ස්ථිර කෙනෙක් නේද කියලා. ඒ හැමදේම එක්ක හිතට දැනුනා මට ලොකු වගකීමක් බාර ගන්න වෙනවා කියලා. මේ සියලූ හැඟීම් එක්ක මම දින ගැන්නේ දරුවා ලැබෙන දවස වෙනකං.

කුසේ හිටියදී බිරිඳගේ කුසට අත තබනකොට කුසේ ඉඳං චූටි දුව චලනයෙන් දක්වන ප‍්‍රතිචාරත් එක්ක මම අප‍්‍රමාණ සතුටක් වින්දා. 8 වෙනි මාසයේදී අප කුසේ ඉන්නේ දුවෙක් කියලා දැන ගත්තේ. එදානම් මම පුදුමාකාර සතුටකින් හිටියේ. ඊට පස්සේ මාසෙන් මාසය ළංවෙලා දරු ප‍්‍රසූතියට බිරිඳ සූදානම් වෙනකොට මට ඇය අපහසුවෙන් ගත කරන කාලය බලන්න බැරිතරං වුණා. හරිම සංවේදී වුණා.

මම ඇය ළඟම හිටියා. මට ඇගේ වේදනාව බාර ගන්න පුළුවන්නම් එදා මම ඒක කරනවා. ඇත්තටම ලේබර් රූම් එකට ඇරලවලා ඒ බිත්ති හතරට එහා පැත්තේ ඉඳන් අහං හිටියා දරුවාගේ හඬන ශබ්දය. මිනිස්සු හඳට යන්න රොකට් හදන්න ගන්න උත්සාහය දෙවැනි වන්නේ නැහැ අම්මා කෙනෙක් දස මාසයක් කුසේ දරං අංගසම්පූර්ණ මිනිස් පැටියෙක් ලෝකයට දායාද කරන්න දරන උත්සාහය. ඇත්තටම මට මේ වේදනාවත් සතුටත් එක්ක කළ සිදුවීම් මාලාවක් එක්ක අප‍්‍රමාණ ගෞරවයක් බිරිඳ කෙරෙහි ඇති වුණා.


දුව අතට ගත්තාම මට දැනුනේ ඒ මගේ හුස්ම කියලා මට දැනුණා. ඒ එක්කම මට දැනුනා මම ඔටුනු පැලඳු රජෙක් වගේ මහා ආඩම්බරකාර ආදරණීය හැඟීම් කැටිවුණ මහා ගාම්භීර බවක්.

ඊට පස්සේ ඉතිං දුවව නාවන කරන ඒවා නැපී හෝදන ඒවා බොහෝ විට කෙරුණේ මගේ අතින්. ඒ දවස්වල ?ට සංගීත ප‍්‍රසංගවලට සහභාගිවෙලා ගෙදර එනකොට පාන්දර පහයි. ඒත් උදේට කවදාවත් නිදාගන්න ලැබුණේ නැහැ. දුවගේ වැඩ කරලා එයාව පපුවට තුරුළු කරං ආදරේ කරනවා හැරෙන්න මට වෙන වැඩක් තිබුණේම නැහැ.

ඔය විදිහට ටිකටික ලොකු වෙනකොට දුවා මා තුරුලේම ආදරය හොයන්න ගත්තා. දුවට අවුරුදු පහක් වෙනකොටයි අපි තව දරුවෙක් පවුලට සිටිය යුතුයි කියන අදහසට ආවේ. එතකං ඉතිං අපි දෙන්නාගේම හුස්ම වුණේ දුව.

දෙවැනි වර පුතෙක් ලැබෙයි කියලා බලාපොරොත්තු වුණාද?

ඔව්. දුවෙක් හිටපු නිසා දෙවැනි දරුවා පුතෙක් වුණොත් හොඳයි කියල හිතුවා. නමුත් කවදාවත් පුතෙක් ඉන්න  ඕනේ පරම්පරාව ගෙනියන්න කියන හැඟීමක් නම් කවදාවත් තිබුණේ නැහැ. පුතා ඉපදිලා එයා බලන්න ආපු කට්ටිය ආ නලින් දැං පරම්පරාව ගෙනියන්න කෙනෙක් ඉන්නවා කියලා කියනකොටයි මට ඒ අදහස ආවේ.

පුතා ඉපදෙන්න ඉන්නකොට ලංකාවේ නිල්මිණිව (බිරිඳ* බලපු ඩොක්ටර් ‘ආ නලින් ඔයාට මේ පාරත් දුවෙක් කියලා’ එතකොට කුසට මාස 5ක් විතර ඇති. එදානම් මට ටිකක් විතර හිතට දුකක් දැනුණා. ඒත් මම හිත හදා ගත්තා කවුරු වුණත් මේ මගේ දරුවෙක්නේ කියලා.

ඊට මාස දෙකකට පස්සේ  ඉතාලියේ, ලන්ඩන්වලත් පැවැත්වෙන ප‍්‍රසංගයකට මම බිරිඳ එක්ක ගියේ. අපිට උවමනාවක් තිබුණා දෙවැනි දරුවා පිටරටක ඉපදෙනවා බලන්න.

අපි ඉතාලියට යනකොට බිරිඳගේ කුසට මාස හතාමාරක් විතර. එහිදී කොන්දේ අමාරුවක් හැදිලා ඉතාලිවල රජයේ රෝහලකට ගෙන ගියාම එහිදී ඇයව ස්කෑන් පරීක්ෂාවකට ලක්කළා. එහිදී ඒ වෛද්‍යවරයා කිව්වා ඔබට පුතෙක් ලැබෙන්න ඉන්නවා, අහවල් දවස්වල ප‍්‍රසූතිය සිදුවෙයි කියලා. මම ඒ වෙලාවේ ඩොක්ටර්ට කිව්වා නෑ ඩොක්ටර් වෙන්න බෑ.  අපි ස්කෑන් කළාම කිව්වේ දුවෙක් ඉන්නවා කියලා කිව්වේ කියලා. ඊට පස්සේ ඒ ඩොක්ටර් නැවත බිරිඳව ස්කෑන් කරවා පුතෙක් කුසේ ඉන්න බව මට පෙන්නුවා. ඒ මොහොතේ හිතට දැනුන සතුටට මට ස්කෑන් කාමරය ඇතුලේම කෑ ගැහුණා. අත්දෙක එකතු කරලා මම දෙයියන් වහන්සේට ස්තුති කරලා බිරිඳගේ නළල සිප ගත්තා. කොහොම හරි පුතා ඉපදුණේ ලන්ඩන් වලදී. ස්වාභාවික ප‍්‍රසූතියක්. ප‍්‍රසූතිය ආරම්භයේ ඉඳලාම, අවසානය වෙනකම්ම මම ඇස් දෙකෙන් බලන් හිටියා.

අද මොකද හිතෙන්නේ දරුවෝ දකිනකොට

අද අපි හතර දෙනාම ඉන්නේ හොඳම යාළුවෝ වගේ. හරිම විනෝදකාමියි. අපි අතර රහස් නැහැ.  ඕනෑම දෙයක් පවුල ඇතුලේ කතා කරන්න පුළුවන්.

අද ඔබට ජීවිතය දැනෙන්නේ කොහොමද?

මම කිතුණු භක්තිකයෙක්. මම හිතනවා ජීවිතයට සතුට වගේම දුක එන්නෙත් යම් යම් දේ කියා දෙන්න කියලා. දුකක් කළකිරීමක් දැනුනාම අපිට හිතෙනවා ඇයි දෙයියනේ අපටම මේ දේවල් වෙන්නේ කියලා. ඒත් ප‍්‍රශ්න කියන දේ ඇවිත් ගියාට පස්සේ ජීවිතයට ලැබෙන පන්නරය මහා හයියක්. ඒ නිසා මම දුකක් දැනුන වේලාවටත් සතුටක් දැනුන වේලාවටත් දෙවියන් වහන්සේට ස්තුති කරනවා.

අපි අපේ ජීවිතයට ඉවසීම කියන දේ එකතු කරගන්න පුළුවන්නම් අපි කවදා හරි ප‍්‍රශ්න හමුවේ ජයගන්නවා. පවුල් ජීවිතයක් තුළ තිබිය යුතුම ගුණාංගය තමයි ඉවසීම. අමාරුවෙන් හරි ඉවසන් ඉන්න පුළුවන්නම් ඊට පස්සේ උදාවෙන මොහොතේ අපි ඉවසීමෙන් ජයග‍්‍රහණය කරනවා.

මුළු ලොවක් ඔබට ඔබේ කටහඬට ආදරය කරනවා ඇති. ඔබ ආදරේ?

මම ආදරේ මගේ දරු දෙදෙනා නිසා ශක්තිමත්ව තියෙන මගේ සුන්දර පවුලටම. කෙනෙක් හිතන්න පුළුවන් මේ ලෝකයේ ලොකුම සතුට සල්ලි ගොඩක් හම්බ කළාම ලැබෙනවා කියලා. තව සමහරු හිතනවා වටිනා සුඛෝපභෝගී  වාහනයක් ගත්තදාට සතුටුයි කියලා. තවත් සමහරු හිතන් ඉන්නවා තට්ටු පිට තට්ටු ගෙවල් හැදුවාම එදාට මම සතුටුවෙනවා කියලා. ඇත්තටම මිනිහෙකුගේ සතුට තියෙන්නේ ඔය කොතනවත් නොවේ හදවතේ. සියයට දාහකින් මම අවංකව ජීවත්වන, පවුලට සාධාරණය ඉෂ්ට කරන ස්වාමියෙක්. දරුවන්ට විශ්වාසවන්තව ජීවත්වෙන පියකු විදිහට පවුලෙන් ආදරයක් දිනාගන්න පුළුවන්නම් එයා තමයි මේ ලෝකයේ ඉන්න ලොකුම පොහොසතා. අද මම එවැනි පියෙකු ස්වාමියෙකු ලෙසට ජීවත්වෙනවා කියා උපරිම සතුටකින් ඉන්නේ.  ඇත්තටම ලොවක් මට ආදරේ කළත් මම ආදරේ මගේ දරු දෙදෙනාටයි බිරිඳටයි.


under the courtesy of Saaravita.lk news web
  

---------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka