Sunday, October 13, 2019

අරමුණ වුණේ ගායිකාවක වීමයි - නඳුනි කරුණාතිලක

 ‘‘පාවෙලා වළාකුලේ ඒවිද අම්මා’’ මේ දිනවල විකාශය කෙරෙන මෙම නාට්‍යයේ නිරාශා සහ දේවක චරිත රංගනයට දායකව සිටින්නේ මේ යුවළය. ඇය නඳුනි කරුණාතිලකය, ඔහු දිනුෂ දිසානායකය. මෙම නාට්‍යයේදී මෙන්ම සැබෑ ජීවිතයේදීත් මේ දෙදෙනා අඹු සැමියෝ වෙති. ඔවුන් දෙදෙනා යුග දිවි ගමන් ඇරඹුවේ මෑතකදීය. මෙලෙසින් රංගනයට එක්ව සිටින මේ නඳුනි සහ දිනුෂ කවුද? අද සඳැල්ල කතාබහ මේ යුවළ සමගය.

 නඳුනි මේ ඔබ රඟපාන පළමු ටෙලිනාට්‍ය චරිතයද?

මීට පෙර ‘‘දෙවැනි ඉනිමේ’’ චරිතයක් රඟපෑවා. ඊට පෙර ‘‘පෝය’’ නාට්‍ය දෙක තුනකට දායක වුණා. ඒ නිර්මාණ ඔක්කෝම කළේ දිලූක ප‍්‍රසාද් ගුණතිලක මහතායි. සමන් එදිරිමුණි මහතා රචනා කරන ‘‘පාවෙලා වළාකුලේ ඒවිද
අම්මා’’ නාට්‍යයට තෝරා ගත්තෙ දෙරණ නාලිකා ප‍්‍රධානී ලක්සිරි වික‍්‍රමගේ මහතා සහ චරිත් කොතලාවල මහතාගේ මඟ පෙන්වීම යටතේයි. ‘‘දෙවැනි ඉනිම’’ නාට්‍යයට එදා මාව යොමු කළේ චමිත් සුලක්‍ෂණ මහතා. මේ විදියට තමයි මම ක්ෂේත‍්‍රයට ආවේ. රංගන ක්ෂේත‍්‍රයට ඒමට පෙර මම පෙනී සිටියේ බ‍්‍රයිඞ්ල් ෆොටෝ ෂූට්වලට. මේ සියල්ල කරන්නෙ සෞන්දර්යය කලා සරසවියේ ඉගෙන ගන්නා අතරවාරයේදීයි.2019-09-17-ent-301

 නඳුනිගෙ පවුලේ විස්තර කිව්වොත්?


මගේ ගම නුවර. ඉගෙන ගත්තෙ මහමායා බාලිකාවෙන්. උසස් පෙළට ඉගෙන ගත්තෙ කලා අංශයෙන්. පවුලේ නංගිලා දෙන්නයි, අම්මයිxතාත්තයි, මමයි.

 ඉගෙනීමේ අරමුණ වුණේ?
රඟපෑමේ අරමුණක් තිබුණෙ නැහැ. සංගීත අංශයෙන් ඉදිරියට යාම අරමුණු කරගත්තා. සංගීත අංශය හැදෑරුවා. තවදුරටත් සංගීතය ප‍්‍රගුණ කරනවා. පාසල් කාලයේදී සමස්ත ලංකා දක්වා එම අංශයෙන් පෙනී සිටියා. මගේ ප‍්‍රධාන අරමුණ වුණේ ගායිකාවක වීමයි.

 මේ දක්වා කළ ගී නිර්මාණ මොනවද?

ළඟදීම මගේ ගීතයක් එළි දක්වන්න මේ දිනවල සූදානම් වෙනවා.

 මෙම නාට්‍යයේ ‘‘නිරාශා’’ චරිතය ගැන විස්තර කළොත්?

නිරාශාට අම්මා තාත්තා කවුරුවත් නැහැ. අයියා විතරයි ඉන්නෙ. නිරාශා විවාහ වෙලා සැමියගෙ ගෙදර ඉන්නෙ. නැන්දම්මත් ඒ ගෙදර ඉන්නෙ. නිරාශාට දරුවන් නැහැ. මේ නිසා දරුඵල අපේක්‍ෂා කරන ඇය සැමියා එක්ක වෛද්‍යවරයකු හමුවීමට යමින් සිටිනවා. සැමියා පැදවූ වාහනය අනතුරකට ලක්වෙනවා. ඒ නිසා අනතුරට පෑ අනෙක් වාහනය පැදවූ රථයේ ගමන්ගත් කාන්තාවක මිය යනවා. ඒ නිසා ඒ මියගිය කාන්තාවගෙ සැමියා සහ පුංචි දියණිය ජීවිතයේ තනිවීම එක්ක, නිරාශා ඒ දියණියට පිහිට වෙන්න ඉදිරිපත් වෙනවා. නිරාශා එහෙම කරන්නෙ නිරාශාට දරුවන් නැති නිසයි. නිරාශාගෙ අරමුණ ඒ දැරිවියට අම්මා කෙනෙක් වීමයි. ඒක හරිම මානුෂිය කතාවක්. මේ කතාවේ හැටියට නිරාශාගෙ සැමියා බේබදුකමට මෙන්ම අයතා සබඳතාවලටත් යොමුවෙලා. හැබැයි එයාට එහෙම වෙන්නත් හේතුවක් තියෙනවා. මේ කතාව ඒ විදියට හරිම සාධාරණ විදියට නිර්මාණය වූවක්.

 මේ විදියට නිරාශා වූ නඳුනි ඇත්තටමත් විවාහ වෙලා, ඒ ගැන කියමු?

මෙහි මම රඟපාන්නෙත් සැබෑ ජීවිතයේ මගේ සැමියා එක්ක. ඒක ඇත්තටම විශේෂ අවස්ථාවක්. මගේ සැමියා දිනුෂ දිසානායක. එයා රඟපාන පළමු ටෙලි නිර්මාණයයි. මෙහි එයාගෙ චරිතයේ නම දේවක. මගේ සැමියා දිනුෂ කරළියට ආවේ ඞී‍්‍රම්ස්ටාර් සීසන් 5 හරහායි. ඊට පසු දිනුක ප‍්‍රසාද් ගුණතිලක මහතා කළ පෝය නාට්‍ය කීපයකටත් දායකත්වය ලබා දුන්නා.

 සැබෑ ජීවිතයේ ඔබට දිනුෂ හමු වූ ආදර කතාව ගැන කිව්වොත්?


අපි දැන හඳුනාගෙන වසර හතරකට පසුව පසුගිය ජුනි මාසයේදී විවාහ වුණා. දිනුෂ මාව හොඳින් තේරුම් ගෙන සිටින්නෙ. එයා මගේ ගැන හිතන තරමට මමවත් මා ගැන හිතන්නෙ නැතුව ඇති. ඒක හරි පුදුම දෙයක්. ඒ වගේ මනුස්සයෙක් ලැබෙන්න මම ආත්ම ගණනක් පෙරුම් පුරන්න ඇති.

 නඳුනි සහ දිනුෂ පදිංචිය නුවරද?

නුවර. ඒත් වැඩවලට පහසුවක් වන නිසා කොළඹ අවට පදංචි වෙන්න හිතාගෙන ඉන්නෙ.

 දිනුෂ, ගායනය සහ රංගනයට අමතරව මොනවද කරන්නෙ?

සංචාරක බංගලාවක් සහ තවත් සංචාරක ආයතනයක් පවත්වාගෙන යනවා.

 ආදරයxවිවාහය අද ඔබට දැනෙන්නෙ හැෙඟන්නෙ කොහොමද?

අපි දෙන්නා දැන හඳුනාගත්තට පසුව විවාහය දක්වා සියල්ල ඉතා පිළිවෙළට සිදුවුණා. මව්පිය ආශිර්වාද අපට ලැබුණා. ඇත්තටම අපි හරි සතුටින් කාලය ගත කරන්නෙ.

 එකම දර්ශන තලයේදී සැමියා එක්ක රඟපාද්දී නඳුනිට මොන වගේ හැඟීමක්ද ඇතිවන්නෙ?


වෙන අය එක්ක රඟපානවට වඩා පොඩි චකිතයක් ඇති වෙනවා. වැරදේවි කියා හිතනවා. එවිට පොඩි බයක් දැනෙනවා.

 දිනුෂගෙ පවුලේ විස්තර කිව්වොත්?

මල්ලි නංගි සහ අම්මා, තාත්තා.

 නඳුනි අද මේ රංගනයට ලැබෙන ප‍්‍රතිචාර මොන වගේද?

හිතා ගන්නත් බැරි තරම්. ඒක හරි පුදුම දෙයක්.

 නඳුනි දිනුෂ විවේකය කොහොමද ගත කරන්නෙ?


අපි දෙන්නම සිංදු කියනවා. දිනුෂට සංගීත කණ්ඩායමක් තිබෙන නිසා එහි පුහුණුවීම් කරනවා. මාත් ඒවාට දායක වෙනවා.

 නඳුනිට රසට උයන්න එහෙමත් පුළුවන් ඇති?

විශ්වාස කරන්න කසාද බඳිනකල් මම උයලා තිබුණෙ නැහැ. ගෙදර අම්මා එක්ක ඉද්දී එහෙම නොකළත් දැන් හොඳ රසට උයන්න පුළුවනි.

 සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ 

under the courtesy of saaravita.lk news web 

---------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka