2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයට අලූතින් එක් වූ සහේළි නම් චරිතයට පණ පොවමින් බොහෝ දෙනා ගේ අවධානයට ලක්ව සිටින යුවතිය බවට පත්ව සිටිනවා.
ඉමාෂා ට රංගනයට පිවිසෙන්න මග කියන්නේ සූරිය කුමරියගේ කිරුළ ද?
ඉමාෂා ට රංගනයට පිවිසෙන්න මග කියන්නේ සූරිය කුමරියගේ කිරුළ ද?
මම රූපවාහිනී මාධ්‍යයට එන්නේ මගේ සහෝදරයා නිසයි. ඔහු වෘත්තීමය සිනමා හා ටෙලි නාට්‍ය නිශ්චල ජායාරූප ශිල්පියෙක්. මගේ මල්ලිගේ දැන හැදුනුම්කම් හරහා මට වෙළෙද දැන්වීම් කිහිපයකටම පෙනී සිටින්න අවස්ථාව ලැබුණා.
ඉමාෂා දෙවෙනි ඉනිමේ සහේළි බවට පත්වෙන්නේ කොහොමද ?
ඉමාෂා දෙවෙනි ඉනිමේ සහේළි බවට පත්වෙන්නේ කොහොමද ?
දෙවෙනි ඉනිමෙහි ඉන්න කිහිප දෙනෙක්ම මාව සහේලිගේ චරිතයට යෝජනා කරලා තිබුණා. ප‍්‍රභාත් චතුරංග අයියා මාව පෙන්වලා තිබුණා දෙවෙනි ඉනිමේ අධ්‍යක්ෂකවරයා වන සාරංග මෙන්ඩිස් මහත්මයාට හා එහි නිෂ්පාදිකාව වන චාමිකා මෙන්ඩිස් මහත්මියට. ඒ අනුව ඔවුන් මට කිව්වා ඇවිත් මුණගැහෙන්න කියලා. ඒ හදුනාගැනීමෙන් පස්සේ ඔවුන් සහේලිගේ චරිතය රගපාන්න මට යෝජනා කළා.
දෙරණ සූරිය කුමරිය වීමෙන් පසුව ඉමාෂාට හිමිවන පළමු රංගන අවස්ථාව මෙයද ?
දෙරණ සූරිය කුමරිය වීමෙන් පසුව ඉමාෂාට හිමිවන පළමු රංගන අවස්ථාව මෙයද ?
මෙම චරිතය ලැබෙන්න කලින් චිත‍්‍රපට කිහිපයකට හා ටෙලි නාට්‍ය වලට ආරාධනා ලැබිලා තියෙනවා. මම ඒ එකක්වත් භාරගත්තේ නැහැ. නමුත් දෙවෙනි ඉනිම කියන්නේ පෞද්ගලිකව මම ගොඩක් ප‍්‍රිය කරන නාට්‍යයක්. ඒ වගේම සහේලි කියන චරිතය වැදගත් ගැහැණු ළමයෙකුගේ චරිතයක්. මේ චරිතය තුළ මට කරන්න බැරි කිසිම දර්ශනයක් අන්තර්ගත වෙන්නෙ නැහැ. ඒ නිසා මම චරිතය රගපාන්න සතුටින් භාරගත්තා.
දෙවෙනි ඉනිමෙන් මැකීගිය සමල්කා ගේ චරිතයේ හිස්තැන වෙනුවෙන්ද සහේලිගේ චරිතය පැමිණෙන්නේ ?
දෙවෙනි ඉනිමෙන් මැකීගිය සමල්කා ගේ චරිතයේ හිස්තැන වෙනුවෙන්ද සහේලිගේ චරිතය පැමිණෙන්නේ ?
සමල්කාගේ චරිතය මෙම නාට්‍යයේ පැවතීම හෝ එම චරිතය නාට්‍යයෙන් ඉවත්ව යෑම පිළිබදව මගේ කිසිම අදහසක් නැහැ. මෙම නාට්‍යයේ තිරපිටපත ලියන සමන් ප‍්‍රියංකර අයියා සහ නාට්‍ය අධ්‍යක්ෂකවරයා වන සාරංග මෙන්ඩිස් මහත්මයා ගේ අදහස් අනුවයි එහි ඇති චරිත හා එවායේ ඉදිරි ගලායෑමේ ස්වභාවයන් තීරණය වෙන්නේ. සහේලි ගේ චරිතයේ වුණත් ඉදිරිය ගැන තීරණය වෙන්නේ ඒ දෙපළගේ තීරණයන් අනුවයි.
මෙය ඔබගේ පළමු රංගන අවස්ථාව. මෙම චරිතය සාර්ථක කරගන්න උදව් ලැබෙන්නෙ කාගෙන්ද ?
මෙය ඔබගේ පළමු රංගන අවස්ථාව. මෙම චරිතය සාර්ථක කරගන්න උදව් ලැබෙන්නෙ කාගෙන්ද ?
දෙවෙනි ඉනිමේ අනුහස්ගේ චරිතය රගපාන රවීන් අයියා මට ලොකු සහයෝගයක් දෙනවා. ඒ වගේම දෙනුවන් සේනාධීර අයියා උදව් කරනවා. සමස්තයක් විදිහට ගත්තම නාට්‍යයේ නිෂ්පාදකවරිය හා අධ්‍යක්ෂකවරයා ඇතුළුව සියලූම නාට්‍ය කණ්ඩාය මට උදව් කරනවා.
ඉමාෂාගේ රංගන දිවිය ගැන ඉදිරි බලාපොරොත්තු මොනවාද ?
ඉමාෂාගේ රංගන දිවිය ගැන ඉදිරි බලාපොරොත්තු මොනවාද ?
රංගනය වෘත්තියක් විදිහට නම් කරගෙන යන්න බලාපොරොත්තුවක් නැහැ. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරනවාත් එක්කයි මට මේ අවස්ථාව ලැබුණේ.
ඉමාෂා අධ්‍යාපනය හදාරන්නේ ?
ඉමාෂා අධ්‍යාපනය හදාරන්නේ ?
මම මූලික අධ්‍යාපනය ලබන්නේ බදුල්ල විහාරමහා දේවි බාලිකා විද්‍යාලයෙන්. ඉන්පසුව පහේ ශ්‍රේණියේ ඉදන් මහනුවර උසස් බාලිකා විද්‍යාලයට ඇතුළු වුණා. පස්සේ මම බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය හා බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේත් අධ්‍යාපනය ලබලා තියෙනවා. මම උසස්පෙළට තෝරාගත්තා ගණිත අංශය. ගණිත අංශයෙන් උසස්පෙළ සමත් වෙලා මම කොළඹ විශ්වවිද්‍යාලයට තේරුණා. නමුත් කොළඹ විශ්වවිද්‍යාලයේ මට හදාරන්න අවස්ථාව ලැබුණේ මම ඉගෙන ගන්න කැමැති විෂය ධාරාව නෙවෙයි ඒ නිසා මම රජයේ විශ්වවිද්‍යාලයට නොගිහිං අයර්ලන්තයේ විශ්විද්‍යාලයකට ඇතුළු වෙලා ලංකාවේදි හරිත සරසවිය හරහා කළමණාකරණ විශේෂවේදි උපාධියක් හැදෑරුවා. මම මගේ උපාධියේ ප‍්‍රථම පෙළ සාමාර්ථයක් ලැබුවා. පසු ගිය අපේ‍්‍රල් එකොළොස් වැනිදා මගේ උපාධි ප‍්‍රධානෝත්සවය පැවැත්වුණා.
පාසල් සමයේදි ඉමාෂා කලා කටයුතුවල යෙදි සිටිය කෙනෙක්ද ?
පාසල් සමයේදි ඉමාෂා කලා කටයුතුවල යෙදි සිටිය කෙනෙක්ද ?
නැහැ. මම පාසැලේ ශිෂ්‍ය නායිකාව” පන්ති නායිකාව විදිහට නම් කටයුතු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මම නිදහසේ ඉන්න කැමැති කෙනෙක්. ගොඩක් වැඩ බදාගෙන කරන්න කැමැති නැහැ. දැනටත් එහෙම තමයි. ඉදිරියේදී රගපාන්න අවස්ථා ලැබුණත් මම ඕනෑම චරිතයක් භාරගන්නේ නැහැ. මම රංගනයෙන් දායකත්වය දෙනවා නම් ඒ චරිතය මගේ පරාසය තුළ කළහැකි චරිතයක් විය යුතුයි.
ඉමාෂාගෙ පුද්ගලික තොරතුරු ?
ඉමාෂාගෙ පුද්ගලික තොරතුරු ?
මගේ ගම බදුල්ල. මම ඉපදුනේ එහෙ. අදටත් මගේ පදිංචිය බදුල්ල. නමුත් මගේ විශ්වවිද්‍යාල කටයුතු වලටත් කලා කටයුතු වලටත් කොළඹට ඇවිත් ඉන්නේ. මගේ තාත්තා බන්දුල සෙනෙවිරත්න. ඔහු සිවිල් ඉංජිනේරුවරයෙක්. දැන් තාත්තා ඌව පළාත් මාර්ග අධ්‍යක්ෂවරයා විදිහට රැකියාව කරනවා. මගේ අම්මා ශ‍්‍රීමති තිලකරත්න. ඇය ඉංග‍්‍රීසි ගුරුවරියක්. මල්ලි තිළිණ බුද්ධික සෙනෙවිරත්න එයා වෘත්තීය ජායාරූප ශිල්පියෙක්.
රටේ ඉහළ තනතුරු වල සිටින ඔබගේ දෙමව්පියන් ඔබ රංගනයට පිවිසීම ගැන දක්වන ප‍්‍රතිචාර මොනවාද ?
රටේ ඉහළ තනතුරු වල සිටින ඔබගේ දෙමව්පියන් ඔබ රංගනයට පිවිසීම ගැන දක්වන ප‍්‍රතිචාර මොනවාද ?
මම මගේ වයසට අධ්‍යාපනය පැත්තෙන් යන්න පුළුවන් ඉහළටම මම මේ වෙද්දි ගිහින් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් ඒ දෙන්න සතුටු වෙනවා. ඒ වගේම මම කලාවට සම්බන්ධ වීම ගැනත් අම්මයි තාත්තයි සතුටු වෙනවා.
මේ වෙද්දි සහේලිගේ චරිතය වෙනුවෙන් පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලැබෙන්න පටන් අරගෙනද ? මගේ යාළුවෝ හරියට අගේ කරනවා වගේම සතුටු වෙනවා. ඒ වගේම පාර තොටේ යද්දි ගොඩක් අය මාව දෙවෙනි ඉනිමේ සහේලිගේ චරිතය කරන කෙනා කියලා අදුරගන්නවා. සතුටුයි. ඒක මගේ ජිවිතයට අලූත් අත්දැකීමක්.
ඉමාෂා මේ වනවිට ආදරය විවාහය වැනි ජිවිතයෙ තිරණත් අරගෙන අවසන්ද

තවම මම ඒ තීරණය අරගෙන නැහැ. ඒක ඉදිරියේදී හිතන්න බලාපොරොත්තු වෙනවා.
ධම්මිකා සුරංජි පතිරණ
ධම්මිකා සුරංජි පතිරණ