ජෝර්ජ්ගේ - මලර්ගේ කතා කරන ඇස් මට හමුවුණෙත් ප්‍රේමම් තුළ.... ප්‍රේමම් මගේ හිතත් නැවතුණ තැනක්.... මගේ හිත නැවතුන තැන නැවතුන තවත් හිතක් අහම්බෙන් වගේ හඬට හඬක් වෙන්න ඇවිත්.... ධනුක ඩිල්ෂාන්... ප්‍රේමම් ගැන මගේ මතකය ආයෙත් අලුත් කළේ ධනුක....
කොහොමද ජීවිතේ...?
මේ දවස්වල හොඳයි... මම රංගනයෙන් සම්බන්ධ වුණ රෝෂාන් රවින්ද්‍ර අයියාගේ කුළුඳුල් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය තනමල්විල කොල්ලෙක් විකාශය වෙනවා... මට ලොකු අවස්ථාවක් ලැබුණා ඒ නාට්‍යයේ ප්‍රධාන චරිතයම කරන්න... ඒකට ගොඩක්
හොඳ ප්‍රතිචාර ලැබෙනවා... ඒක නිසා සෑහෙන සතුටින් ඉන්නෙ. පහුගිය අවුරුදු දෙකේ වැඩ කීපයක්ම මට ආවා. නමුත් මට ඒවා සියල්ලම ප්‍රතික්ෂේප කරන්න වුණා... ඒ මේ වැඩේ හින්දා. ගොඩක් වෙලාවට මම පහුගිය අවුරුදු දෙකේ රොෂාන් අයියත් එකක්මයි හිටියේ. රොෂාන් අයියගෙන් රංගනය ගැන ගොඩක් දේවල් ඒ අවුරුදු දෙකේදී මම ඉගෙන ගත්තා. හරියට විශ්වවිද්‍යාලයට ගියා වගේ එයත් එකක් ඉන්න කොට. දැන් අලුත් වැඩ කීපයකට ආරාධනා ඇවිත් තියෙනවා. අපි බලමු ඉස්සරහට... නේද...?
ගීතයක් නැතුව ධනුකට ගොඩක්ම දැනිච්ච නිර්මාණයක් එහෙම තියෙනවාද... ඔයා ගොඩක් ආදරය කරන අමතකයෙන් ගිලිහී නොයන වගේ එකක්... හැබැයි ඔයා රඟපාපු එකක් වෙන්නත් බෑ ඒක...?
ඒ වගේ නිර්මාණ ගොඩක් මගේ ජීවිතයේ තියෙනවා... කොහොමද එක නිර්මාණයක් මම තෝරගන්නෙ...? ලංකාවේ වැඩක් විදියට මම ගොඩක්ම කැමති නිර්මාණයක් තමයි මිල්ලසොයා, මිල්ලසොයා ගැන මට කිව්වේ දස්සා... පට්ට වැඩක් තියෙනවා බලපන් කියලා... ඇත්තට ඒක මරු වැඩක්... තව මම ගොඩක් මලයාලම්, දමිළ, තෙළිඟු හින්දි චිත්‍රපට බලන කෙනෙක්... අමීර් ඛාන්ගේ ෆිල්ම්වලට මම කැමතියි. එයාගේ පී.කේ. ෆිල්ම් එකට තමයි මම ගොඩක්ම කැමති... මිනිස්සුන්ට උදව් කරන්න නළුවොත් දැන් දේශපාලනය කරන්න යනවනේ. මිනිස්සුන්ට සේවය කරන්න දේශපාලනය කරන්නම ඕනෙ නෑ... නළුවෙක් හරි නිළියක් හරි වුණාම ඒ නළුවට හෝ නිළියට පුළුවන් වෙන්න ඕනෙ. හරිදේ මිනිස්සුන්ට වටහලා දෙන්න... හොඳ නිර්මාණවලිනුත් මිනිස්සුන්ගේ ඇස් පාදන්න පුළුවන් කියලා අමීර් ඛාන් ඔප්පු කරලා පෙන්නුවා. ඉන්දියාව කියන්නෙම මිත්‍යාවන් පිරුණු රටක්නෙ. නමුත් ඒ රටේම ඉඳගෙන අමීර් ඛාන් මිත්‍යාවට වැටෙන්න ගහනවා.. ඒ නිසා මට දැනුණු ෆිල්ම් අතර පී.කේ.ත් තියෙනවා. මට හිතෙනවා මට දැනිච්චි මලයාලම් චිත්‍රපටයක් ගැන අද කතා කරොත් හොඳයි කියලා... ප්‍රේමම් තමයි චිත්‍රපටයේ නම. මම පිස්සුවෙන් වගේ සෑහෙන වතාවක් මේ ෆිල්ම් එක බැලුවා. බලපු ගොඩක් අවස්ථාවල මට ගොඩක් ඇඬුණා... මේ ෆිල්ම් එකේ ස්ටෝරි එක මාර එකක් නෙමේ... නමුත් මොකක්දෝ හේතුවකට මගේ බොක්කටම මේ ෆිල්ම් එක වැදුණා... ඊටපස්සේ මම මේ ෆිල්ම් එක ගැන හොයන්න ගත්තා. එතකොට තමයි මම දැනගන්නෙ ඉන්දියාවේ මේ ෆිල්ම් එක එකදිගට දවස් තුන්සිය විසිහතරක් තිරගත වෙලා තියෙනවා. ඉන්දියාවේ දවස් තුන්සිය විසිහතරක් එක දිගට තිරගත වෙන්නෙ මේ ෆිල්ම් එකේ මොකක් හරි දෙයක් තියෙන නිසානෙ. දෙදාස් පහළවේ අල්ෆොන්ස් පුත්‍රන් තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කළේ. නිල්විල් පෝලි තමයි ප්‍රධාන නළුවා... සායි පල්ලවී, මැඩෝනා සෙබස්තියන් සහ අනුපමා පර්මේශ්වරන් තමයි ප්‍රධාන නිළියන්.... සායි පල්ලවී රඟපාපු පළවෙනි චිත්‍රපටයත් මේක... මගේ ජීවිතයට ගොඩක් ළඟ නිර්මාණයක් තමයි ප්‍රේමම්...
මේ චිත්‍රපටයට පසුබිම් වෙන්නේ ආදරය... ජීවිතයේ එක එක කාලවලදී මුණගැහෙන ආදරණීය චරිත ජීවිතයට බලපාන විදිය තමයි මූලිකවම මේ චිත්‍රපටයෙන් කතා කරන්නෙ..
ඉන්දියාවේ සුන්දර ගම්මානයක ජෝර්ජ් කියලා තරැණයෙක් ඉන්නවා... මෙයා ෆැන්ටසි ජීවිතයක් ගත කරන කෙනෙක් නොවුණත්, ඔහුට ජීවිතේට අවස්ථා තුනකදී ලැබන ආදර සම්බන්ධතා තුනක් පදනම් කරගෙන තමයි මේ ෆිල්ම් එක දිග ඇරෙන්නෙ.. අවුරැදු 16දී තමයි ජෝර්ජ්ට පළවෙනි ප්‍රේමය මුණගැහෙන්නෙ. ඇය පාසල් යන වයසේ තරුණියක්... ඇගේ නම මේරි... අනුපමා පර්මේශ්වරන් තමයි මේරිට රඟපාන්නෙ. ජෝර්ජ් සෑහෙන වෙහෙසක් ගන්නවා මේ තරුණියත් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න.. ජෝර්ජ්ගේ යාළුවොත් සෑහෙන කට්ටක් කනවා.. මේරි නිසා... මේරිගේ තාත්තා සෑහෙන වස කෙනෙක්... කාලයත් එකක්ම ඒ සම්බන්ධය ගිලිහී යනවා.. ඊට අවුරුදු පහකට පස්සේ ජෝර්ජ් සහ ඔහුගේ යාළුවෝ අලුත් විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙනවා.. එතනදී මුණගැහෙන මලර් කියන කථිකාචාර්යවරියක් සමඟ ජෝර්ජ් අලුත් ප්‍රේමයක් පටන් ගන්නවා... සායි පල්ලවි තමයි කථිකාචාර්යවරිය රඟපාන්නෙ... මේ දෙදෙනා ආදරයෙන් බැඳෙනවා... මලර්ට ඥාති සොයුරෙක් ඉන්නවා.. දවසක් මලර් තම ඥාති සොහොයුරා බලන්න ගමට ගිය අවස්ථාවේ ඇය අනතුරකට ලක්වෙනවා. පසුව ජෝර්ජ්ට මේ අනතුර ගැන දැනගන්න ලැබෙනවා... ජෝර්ජ් සහ ඔහුගේ මිතුරන් මලර් බලන්න යනවා එතනදී ජෝර්ජ් දැනගන්නවා මලර්ගේ මතකයේ කොටසක් අහිමිවෙලා කියලා... මලර් ජෝර්ජ්ව අඳුරගන්නෙ නෑ.. ඇයට ජෝර්ජ් සමඟ තිබුණු ආදරය සම්බන්ධය අමතක වෙලා. මලර්ගේ අම්මාගේ ඉල්ලීම පරිදි මලර් තම ඥාති සොයුරා සමඟ විවාහ වෙනවා... ජෝර්ජ් සෑහෙන අමරුවෙන් තමන්ගේ හිත හදාගත්තත් නිතර නිතර මලර්ව ජෝර්ජ්ට මතක් වෙනවා... කාලයාගේ ඇවෑමෙන් අවුරුදු ගාණකට පස්සේ ජෝර්ජ් එයාගේ යාළුවෙකු සමඟ අවන්හලක් පවත්වාගෙන යනවා. එතනදී සෙලීනා කියන තරුණිය ඔහුට මුණගැහෙනවා. සෙලීනාට රඟපාන්නෙ මැඩෝනා සෙබස්තියන් ජෝර්ජ් සහ සෙලීනා අතර සෙනෙහසක්, ආදරයක් ඇතිවෙනවා. ජෝර්ජ් හොයනවා මේ ආදර සම්බන්ධතා තුනෙන් හරිම එක මොකක්ද කියලා. මේ සම්බන්ධතා තුනම ජෝර්ජ්ගේ හදවතටම දැනෙනවා...? යොවුන් තරුණයෙකු ලෙස අවුරුදු 16න් ආදරය කරන්න පටන් අරගෙන ජෝර්ජ්ට හරිම ආදරය තේරෙන්නෙ අවුරුදු 38 න්. ඊට එහා මම මුකුත් නොකියා ඉන්නම්... මම ආරාධනා කරනවා.. මේ ෆිල්ම් එක බලලා රසවිඳින්න කියලා...
ධනුක මේ චිත්‍රපටයේ කැමතිම චරිතය කවුද?
මම මේ ෆිල්ම් එකේ ඉන්න හැම චරිතයටම කැමතියි. හේතුව තමයි මේ චිත්‍රපටය සාර්ථක වෙන්න මේ සියලු චරිත බලපෑවා. ඔවුන්ගේ විශිෂ්ඨ රංගනය නිසා තමයි චිත්‍රපට අපිට ගොඩක් දැනෙන්නෙ.. නිල්විල් පෝලි කොලිවුඩ් සිනමාවේ ඉන්න දක්ෂ නළුවෙක්... අමීර් ඛාන්ට සමාන කරන්න පුළුවන් නළුවෙක් ඉන්නව නම් ඒ නිල්විල් පෝලි තමයි... මේ නිර්මාණයට හොඳ නළු නිළියන් සංකලනයක් තිබුණා.. ඒ සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන් හරිම තාත්ත්වික විදියට ඔවුන්ගේ රංගනයන් ඉදිරිපත් කරනවා.
මේ චිත්‍රපටය නරඹද්දී ධනුකව සංවේදී කරපු තැනක් දෙකක් මතක් කරමුද?
මේ චිත්‍රපටයේ ගොඩක් දර්ශන සංවේදී ඒවා... එක තැනක් මම කියන්නම්... ජෝර්ජ්ට ආරංචි වෙනවා මලර් ඇක්සිඩන්ට් වෙලා කියලා... ජෝර්ජ් යනවා මලර්ගේ ගෙදර.. ජෝර්ජ් ගෙදරින් එළියට එනකොට අපි ඔක්කොම අඬනවා.. මලර්ගේ මතකය නැතිවෙලා.. ජෝර්ජ්ව අඳුරගන්න බෑ. අන්න ඒ දර්ශනය අතිශය සංවේදීයි... මට ගොඩක් දැනුණු තැන තමයි ඒ...
මේ චිත්‍රපටය ධනුකට හම්බවෙන්නෙ කොහොමද?
මගේ ගම දෙමටගොඩනේ... සිංහල යාළුවෝ වගේම මුස්ලිම් දෙමළ යාළුවෝ මට ගොඩක් ඉන්නවා. ඒ අය හොඳ දෙමළ ෆිල්ම් ආපුවාම කියනවා අන්න නියම ෆිල්ම් එකක් තියෙනවා බලපන් කියලා... ඒ අවගේ තමයි මේ ෆිල්ම් එකත් මට හම්බවෙන්නෙ...
කී වතාවක් ඔබ මේ නිර්මාණය රසවින්දද?
දැනට දහතුන් වතාවක් මම මේක බලලා තියෙනවා... තව කී පාරක් බලයිද දන්නෙ නෑ..
මෙවැනි නිර්මාණ රසවිඳලා අවසානයේ ධනුක ජීවිතයට එකතු කරගත්තෙ මොනවද?
හොඳ නිර්මාණ බලලා මම ඉගෙන ගත්තෙ රසවින්දනය.. කලාකරුවෙක් විදියට අපි මුලින්ම නිර්මාණයක් විඳින්න ඉගෙන ගන්න ඕනෙ... රසවිඳපු දේ අපි කා එකක් හරි බෙදාගන්න ඕනෙ... අපිට ඒ නිර්මාණය ගැන හෝ ඒ නිර්මාණය කරපු කෙනා ගැන ඉරිසියාවක් තියෙන්න බෑ... අපි ඒ නිර්මාණය හෝ නිර්මාණය කරපු පුද්ගලයාව අගය කරන්න ඕනෙ... අන්න ඒ දේවල් මම හොඳ නිර්මාණයක් රසවිඳලා ඉගෙන ගත්තා.

under the courtesy of saaravita lk news web