Monday, February 24, 2020

විලාසිතාව ලජ්ජාවක් නැතුව ඇඳගෙන යන්න පුළුවන් වෙන්න ඕනෑ

සිනමා මෙන්ම ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් ලෙස ඔබේ ආදරය නොඅඩුව ලබන ඇය අද වනවිට නිවේදිකාවක් ලෙසින් ද තම දක්ෂතාවයන් පෙන්වන සුරූපිනියකි. විනු සිරිවර්ධන, ලස්සන රහස් පිටුව සරසන්න කැන්දාගෙන ආවෙමු.

ඔබට අද ඔය ලැබී තිබෙන සියලු දේ ලැබී තිබෙන්නේ සුන්දර රූසපුව නිසාමද?

ඔව් මම හිතනවා. රංගනයට පවා මුලින්ම දොරටු විවර වන්නේ මගේ බාහිර පෙනුම නිසා. නමුත් මා රංගන ක්ෂේත්‍රයේ රැඳෙන්නේ රංගනය පිළිබඳ
මා තුළ ඇති හැකියාව සහ දක්ෂතාවය නිසා බවයි මට හැඟෙන්නේ.
 
කාන්තාවකට ලස්සන වැදගත් කියා ඔබ විශ්වාස කරනවාද?

ඔව්. කාන්තාවකගේ බාහිර පෙනුම වගේම අධ්‍යාත්මිකව සුන්දර වීමත් ඉතාම වැදගත්. මම විශ්වාස කරනවා කාන්තාවක් බාහිරෙන් සුන්දර පෙනුමක් ඇති වීමට අනිවාර්යෙන්ම හදවත ලස්සන විය යුතුයි කියා.

ඇතැම් විට අපි කියනවා ඇතැම් කාන්තාවන්ගේ මුහුණේ ලස්සන හදවතේ ඇත්නම් කියා.

ඔව්. එවැනි අය නම් මටත් හමුවී තිබෙනවා. නමුත් මම හිතනවා විවිධාකාර පුද්ගල ගතිගුණ හමුවේ එකිනෙකාට ආවේණික වන ගතිගුණ වෙනස් විය හැකියි කියා.

බාහිර පෙනුම ලස්සන කරගන්න ඔබ මොකද කරන්නේ?

බාහිර පෙනුම සුන්දරව තියාගන්නත්, සිරුරේ නිරෝගීකම ආරක්ෂා කරගැනීම වෙනුවෙනුත් යෝග්‍ ව්‍යායාමයන්හි නිරත වීම මගේ දින චර්යාවේ කොටසක්. නමුත් දැන් කාර්යබහුල වීමත් සමග මම වෙලාවක් ලැබුණ වෙලාවට බෙල්ලන්විල වෝකින් පාත් එකට ඇවිදින්න යනවා. ඇවිදීම ශාරීරිකවත් මානසිකවත් ප්‍රතිඵලදායක ව්‍යායාමයක් වෙනවා.

කෑම බීම ගැනීමේදී සැලකිලිමත්ද?


ඔව්. මම බොහෝ දිනවලට කෑම පාලනය කරනවා. එවැනි දිනවලට උදෑසන ආහාරයට එක්කර ගන්නේ ධාන්‍ය වර්ගයි. දහවලට බත් ආහාරයට ගන්නවා. රාත්‍රියට සවස 6ට පෙර ආහාර ගෙන අවසන් කරනවා. සුප් එකක්, තම්බපු එළවළු වගේ දෙයක් ඒ වෙනුවෙන් යොදාගන්නවා. ඊට අමතරව කෑම පාලනය කරන දවසට කුරක්කන් පාන්වලින් මමම හදාගන්න සැන්විච් එකක් භාවිත කරනවා. ම්.... තව මම පලතුරුවලින් හරිම ආසයි ගස්ලබුයි, මිදි වලටයි. ඒ නිසා ඒ පලතුරු දෙක දිනයේ උදෑසන කාලයේදී ආහාරයට එක්කරගන්න උත්සාහ කරනවා.

සමේ පැහැය ඇතිකරගන්න මොකද කරන්නේ?
වතුර ගොඩක් බොනවා. ෂූටින් ගියත් දවසකට ගන්න ඕනේ වතුර ප්‍රමාණය කොහොම හරි ගන්න උත්සාහ කරනවා. ඊට අමතරව හම පැහැපත් වෙන්න කියලා හිතලා මම කැරට් ජූස් බොනවා. ගස්ලබුත් සමට ඉතාම හිතකරයි.

ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව?

මම මේ ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව මගේ අම්මා. හදවතිනුත් බාහිරෙනුත් ඇය සැබෑවටම ලස්සනයි. මගේ අම්මා සැබෑවටම සුන්දර කාන්තාවක්. ඇය තරුණ කාලෙදී අශෝකමාලා ලෙසත් අභිෂේක ලබා තිබෙනවා.

විලාසිතා කිරීමේදී ඔබ සැලකිලිමත් වන කරුණු

පළමු දේ මට ගැලපෙනවාද කියන එක. අනිත් දේ තමයි ලැජ්ජාවක් බයක් නැතුව පාරේ ඇඳන් යන්න පුළුවන්ද කියන එක.

ඔබ සුන්දරවම හැඩවුණ දවස

කොපිචැට් සියය වැනි වැඩසටහන් සැමරුමට සහභාගි වීමට ඇඳපු ඇඳුමට මම ගොඩක් ලස්සනයි කියලා ගොඩක් අය අගය කළා.

ඔබ ලස්සනයි කියා ඔබට හිතෙනවාද?
මම එහෙම හිතන් නෑ. නමුත් මම හිතනවා මම හැමදාම ලස්සනට ඉන්න ඕනේ කියලා. අනිත් දේ තමයි මම කවදාවත් මා ගැන ආඩම්බර වෙලා නෑ. ලස්සන කියන දේ ආයුධයක් කරගෙනත් නෑ.

කාන්තාවකගේ අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් මොනවාද කළ හැක්කේ?


මම පෞද්ගලිකව හිතනවා අපි හොඳ විදිහට ජීවත් වෙනවා නම්, ඕනෑම වෙලාවක අනිත් අයව අගය කළ හැකි නම්, කෙනකුට වචනයෙන් හරි උදව්වක් කරන් ඉන්න පුළුවන්නම් අපි ඉබේම ලස්සන වෙනවා. අනිත් දේ තමයි පිරිසිදුකමයි, පිළිවෙලයි කාන්තාවකට ආභරණයක්.


අසුන්තා එදිරිසූරිය  
under the courtesy of saaravita.lk news web

---------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka