Monday, November 4, 2019

අපි දෙන්නා මඟුල් කෑවොත් මිනිස්සු හිනාවෙයි-මුතූ තරංගා

මුතූ.. කාටවත්ම නොකියා හොරෙන්ම විවාහ වුණා කියලයි ආරංචිය..?

අනේ නැහැ.. එහෙම හොරෙන් විවාහ වුණේ නැහැ. ඕක සැලුන් එකකට කරපු ෆොටෝ ෂූට් එකක්. ප්‍රදීප් දර්ශනගේ තමයි මේ සැලුන් එක.

කවුද මේ මනමාලයා..?

මනමාලයා මගේ ඇත්ත මනමාලයාම තමයි. එයාගේ නම නිශාන්ත ජයවර්ධන. අපි දෙන්නා ආදරය කරන්න පටන් අරගෙන දැන් අවුරුදු පහළොවක් විතර වෙනවා. අපේ

වෙඩින් එක ගන්න දැන්ම අදහසක් නැහැ. නිශාන්ත 2003 වසරේදී Mr. Sri Lanka වුණා. බොහෝ දෙනා අපි දෙන්නගේ ෆොටෝ ෂූට් කරන්න ආසයි. මීට පෙරත් අපි එහෙම ෂූට් එකක් කළා.

මුතූගෙයි නිශාන්තගෙයි ඇත්තම වෙඩින් එක ගන්නෙ කවද්ද..?

දැන්නම් අපි දෙන්නා වෙඩින් එකක් ගත්තොත් මිනිස්සු හිනාවෙයි කියලා මට හිතෙනවා. හැබැයි මෙහෙම වෙඩින් ෆොටෝ ගන්න එක දැන් එක්තරා කලාවක්නෙ. සමහරු විවාහවෙලා බබාලා එක්කත් ආයෙ වෙඩින් ෆොටෝ ගන්නවනෙ. ඒකෙ වරදක් මමනම් දකින්නෙ නෑ. වෙඩින් එක වෙනුවෙන් ලොකුවට පාටි ගන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. දැන්ම වෙඩින් පාටියක් ගන්න අපි දෙන්නගෙම ලොකු උනන්දුවක් නැහැ. අද වනතුරු අපි දෙන්නා එකටයි ඉන්නෙ.

නිශාන්තව මුණගැහුණෙ කොහොමද..?


නිරූපණ ක්ෂේත්‍රයෙදීම තමයි මට නිශාන්තව මුණගැහුණෙ. එයත් ඒ දවස්වල නිරූපණ ක්ෂේත්‍රයේ හිටියා. 2004 වසරේදීයි අපි මුලින්ම මුණගැහුණෙ. එයා මුණගැහෙද්දීවත් මම එයා 2003 වසරේ Mr. Sri Lanka කියලා දැනගෙන හිටියෙ නැහැ. ඒ වෙනකොට මම මේ ෆීල්ඩ් එකට ඇවිල්ලයි හිටියෙ. ඒ නිසා මුලදීම එයා මගේ රසිකයෙක්. ඒ කාලේ ස්වාධීන රූපවාහිනී සේවයේ එක දවසට තුන් හතර පාරක්ම යන විෂුවල් එකක් තිබුණා. ඒකට නිශාන්ත හරිම කැමැත්තෙන් ඉඳලා තියෙන්නෙ. එයාට ජිම් එකේ හිටියත් ඒක යද්දී ටී.වී. එක දිහා බලන පුරුද්දක් ඒ කාලේ තිබිලා තියෙනවා. ඔය අතරේ මම නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න විදිහ ගැනත් හිතලාමයි නිශාන්ත මට යෝජනාව ගෙනාවෙ. හැබැයි ඒ යෝජනාවට මම එකපාරටම කැමති වුණේනම් නැහැ. කාලයක් ගියාට පස්සෙ තමයි අපි දෙන්නා ආදරය කරන්න පටන් ගත්තෙ.

නිශාන්ත මුලින්ම දීපු තෑග්ග මතකද..?

ඔව්.. නිශාන්ත මට සිල්වර් මුද්දක් දුන්නා. ඒ මුද්දේ හරි වටිනා කොළ පාට ගලක් අල්ලලා තිබුණා. ඊටපස්සෙ එයා මට රත්තරන් මුද්දක් තෑගි කළා. ඒ මුදු දෙකම මගේ අතින් නැති වුණා.

මුතූ නිශාන්තට මුලින්ම දුන්නෙ මොනවද..?

මගේ මතකේ හැටියට මමත් එයාට ලස්සන සිල්වර් මුද්දක් තෑගි කළා.

මුතූ.. පුංචි කාලේ ඉඳන් ආසාවෙන් හිටියෙ රංගන ශිල්පිනියක් වෙන්නද..?

මම පුංචි කාලෙ ඉඳන්ම හරිම ආසාවෙන් හිටියෙ නැටුම් ගුරුවරියක් වෙන්න. ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම මම ගායනයට ටිකක් නැඹුරුවෙලා හිටපු නිසා පසු කාලයෙදී ගායිකාවක් වෙන්නත් ආස කළා. හැබැයි ඒ ආසාවල් දෙකම නැතිව වෙනත් පැත්තකටයි මම අවසානයෙදී යොමු වුණේ.

පුංචි කාලේ ගායිකාවක් වෙන්න හීන දැකපු මුතූ අද සංගීත ප්‍රසංගවලටත් ගීත ගායනා කරනවා නේද..?

ඔව්.. රූපවාහිනී වැඩසටහන්වලට ඇවිත් ගීත ගායනා කරලා මට විදෙස් රටවල ප්‍රසංග බොහොමයකටම ආරාධනා ලැබුණා. ලංකාවෙදීත් එළිමහන් සංගීත ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. ඒ ලැබෙන අවස්ථාත් එක්ක මම ඒවාට සහභාගි වෙනවා. විදෙස් සංචාරවලදී ඒ රටේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් වැඩිපුරම මගෙන් වේග රිද්ම ගීත තමයි බලාපොරොත්තු වෙන්නෙ. ඒ වගේම හින්දි ගීතවලටත් ඒ අය ගොඩක් කැමතියි. දවස් ගණන් එකදිගට වැඩ කරලා ලැබෙන පොඩි විවේක දවස්වලදී ඒ අය උපරිමයෙන්ම සතුටු වෙන්න කැමතියි. මට හිතෙන්නෙ ලංකාවේ ඉන්න ගීත ලෝලීන්ට වඩා පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් අපිට වැඩි ළැදියාවක් තියෙනවා කියලයි. අපිව ඒ අයට දකින්න ලැබෙනවා හරි අඩුයිනෙ. මුළු නාට්‍යයම ඒ අයට බලන්න ලැබෙන්නෙත් සතියේ එක දවසකයි. ඒ නිසා අපි ඒ රටට ගියාම ඒ අයට හරි සතුටුයි. හරියට තමන්ගෙ පවුලේ කෙනෙක් වගෙයි ඒ අය අපිට සලකන්නෙ. ඒ අයගෙන් ලැබෙන ආදරය හරිම වටිනවා. ඒ අය අපිට දැනෙනවා වැඩියි. අපිට ඒ අය ගොඩක් ළඟයි.

මුතූ.. ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවද..?
මගේ ජිවිතේ එහෙම බලාපොරොත්තු නැහැ. මම අද ජීවත්වෙන එක ගැන විතරයි හිතන්නෙ. මගේ ජීවිතේ ඉලක්ක කියන දේවල් නැහැ. ඊළඟ මොහොතේ මිය යයිද කියලා මම දන්නෙ නැහැ. ඒ නිසා ජීවිතේ හීන, ඉලක්ක, බලාපොරොත්තු මට නැහැ. 


 


under the courtesy of saravita.lk news web

---------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka