Saturday, January 12, 2019

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්ම ගෝතමී බාලිකාවට ගිය ගැහැණු ළමයෙක් ගැන තමයි මට ඉස්සරලාම ආදරයක් ඇතිවෙන්නේ. අවුරුදු නවයක් තිස්සේම මගේ ජීවිතයේ රැදිලා තියෙන්නේ ඒ ආදරයම තමයි.

ජනිත්ගේ හිතේ තිබුණ ආදරයට ඇගෙන් පෙරලා ප‍්‍රතිචාර ලැබෙනවාද ? 
එතකොට එයා හරිම පුංචියි. නවය වසරේ ඉගෙන ගත්තේ. මම එයාට වැඩිය අවුරුද්දයි වැඩිමහල්. මම දහය වසරේ. මට එයා ගැන ආදරයක් ඇතිවෙලා තිබුණට එයා නෙවෙයි මට ප‍්‍රතිචාරයක් ලබාදුන්නේ. එ් ආදරය දිනාගන්න මාස නවයක් තිස්සේ මම පස්සෙන් ගියා.
එදා සරල පුංචි කොල්ලා අද රටේ සුපිරි තරුවක් වෙද්දි ඇගේ ආදරය ? 
එයාගේ කිසිම ගැටලූවක් නැහැ. සියයට සියයක්ම මාව තේරුම් ගන්නවා. විශ්වාස කරනවා. ඒ නිසා තමයි මේ ආදරය මේ තරම් දුරක් ඇවිත් තියෙන්නේ.
ඇය මේ වෙද්දි කුමන ක්ෂේත‍්‍රයකද ඉන්නේ ? 
තවම ඇය අධ්‍යාපනය ලබනවා. මේ වෙද්දි ඖෂධවේදී පාඨමාලාවක් කරනවා.

ඉගෙන ගන්න කාලෙ ආදර කතා පටන් ගනිද්දි වැඩිහිටියන් ආදරයට හරස් වුණේ නැතිද? 
ගෙදරින් කිව්වේ එකම එකම දෙයයි. හොදින් ඉගෙන ගන්න කියන එකයි. මට සාමාන්‍ය පෙළ ඒ අටයි” බි එකක් තිබුණා. එයාට ඒ නවයක් තිබුණා. මට උසස්පෙළ කලා විෂයන් හදාරලා ඒ තුනක් තිබුණා. එයා ජීව විද්‍යා අංශයෙන් ඉගෙනගෙන බී එකයි සී දෙක්ක තිබුණා. අපි දෙන්නම ආදර කතාවක් අරගෙන ගියාට හොදින් ඉගෙන ගත්තා. එ් නිසා දෙමවුපියන්ගෙන් ප‍්‍රශ්නයක් ආවේ නැහැ. එයාගේ තාත්තා නැහැ. අම්මා විතරයි ඉන්නේ. මම තමයි එයාව පන්ති පවා එක්ක ගියේ. මමත් වැඩියෙන් හැදුණේ තනියම. අපේ අම්මලා හිටියේ නිකවැරටියේ. මම කොළඹ හිටියේ ඒ නිසා මම ගන්න තීරණ ගැන අපේ දෙමවුපියන්ට විශ්වාසයක් තිබුණා.

මේ වෙද්දි ජනිත් හා ශාලිකා විවාහයටත් සූදානම් වෙනවාද ? 
අපෝ නැහැ. මම දැන් විශ්වවිද්‍යාලයට ලියාපදිංචි වෙලා ඉන්නේ. අධ්‍යාපන කටයුතු අවසන් කරලා. එයාගෙ අධ්‍යාපනයත් අවසන් කරලා තව අවුරුදු පහකින් හයකින් විතර අපි ඒ තීරණයට යනවා.

ජනිත් ශාලිකාට කැමැති වෙන්න ප‍්‍රධාන හේතුව ? 
එයා ලස්සනයිි එයා හරිම චාම්. මම ආසම දේ ඕනෑවට වඩා මා ගැන හොයන්නේ නැහැ. අවශ්‍ය තරමට හොයලා බලනවා. එයා මට නිදහස දීලා තියෙනවා මගේ දෙවල් කරගෙන යන්න. මමත් එයාට ඒ නිදහස දීලා තියෙනවා.

ජනප‍්‍රිය තරුව වීමත් සමග ඔබට ලැබෙන පෙම් ඇරයුම් ? 
විවාහ යෝජනා පවා ලැබුණා. හැබැයි මම හිතන්නෙ එයා තමයි මට ගැලපෙනම කෙනා කියලා. එයා තරම් ඉවසන ගැහැණු ළමයි මම තවම දැකල නැහැ. ඒ වගේම එයාට විශ්වාසයක් තිබුණා හැමදාමත් මම එයත් එක්ක ඉන්නවා කියලා. මටත් එයාට වඩා හොද කෙනෙක් හමුවෙලා නැහැ. ඒ නිසා එවැනි ඇරයුම් අපේ ආදරයට ප‍්‍රශ්නයක් වුණේ නැහැ.

ඔබ දෙදෙනා අතර හුවමාරු වුණ වටිනාම තිළිණයන් මොනවාද ? 
මේ කිසිම දෙයක් නැතිකාලෙ අපි යාළුවුණේ මම එයාගේ පළමුවැනි උපන්දිනයට. මමම ලියලා මම ගායනා කරපු ගීතයක් තමයි තිළිණ කළේ හීන මල් කැකුළු මං ගාව තැබුවහම ආදරේ දළුලන්නේ හිතගාව නොදැනීම එයා අදටත් ආදරෙන් මේ ගීතය ළග තියාගෙන අහනවා. එයා මට දුන්න පළමුවැනි ලියුම තමයි මට එයාගෙන් ලැබුණ වටිනාම තෑග්ග. අපි යාළුවෙලා අවුරුද්දකට විතර පස්සේ තමයි මට එයා ලියුමක් දුන්නේ. ඒ මගේ උපන්දිනයට.

පෙම්වතුන් විදිහට ඔබලා දෙදෙනා එකිනෙකාගෙන් අපේක්ෂා කරන්නේ ? 
මම එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ චාම් බව සහ අපිට තියෙන විදිහට ජීවත් වෙන්න පුළුවන්කම. මොකද අද තියෙන්න පුළුවන් හෙට නැතිවෙන්න පුළුවන්. මම ඒක මගේ ජිවිතයේ පෞද්ගලිකව අත්විදලා තියෙනවා. එයා වැඩියෙන්ම මගෙන් බලාපොරොත්තුවෙන්නේ ආදරයයි” රැකවරණයයි. ඒක එයා විතරක් නෙවෙයි” ඕනෑම ගැහැණු ළමයෙක් තමන්ගෙ පෙම්වතාගෙන් බලාපොරොත්තු වෙනවා. එයාට තාත්තා හිටියේ නැහැ.

මේ ආදර කතාවේ ප‍්‍රශ්න ඇතිවෙලාම නැතිද ? 
ප‍්‍රශ්න ඇතිවෙලා තියෙනවා. ඒවා අපි කතා කරලා විසදගෙන තියෙනවා. සමහර වෙලාවට එයා කැපකිරීම් කරනවා. සමහර වෙලාවට මම කැපකිරීම් කරනවා. මොකද මේ තියෙන වාතාවරණය එක්ක අනිත් පෙම්වතුන්ට වගේ අපිට නිදහසක් නැහැ හිතෙන හිතෙන තැන්වල නිදහසේ යන්න එන්න. ඒ දේවල් තේරුම අරගෙන අපි ප‍්‍රශ්නයක් ඇතිවුණත් විසදගන්නවා. අපි දෙන්න තරහ වෙලා තියෙනවා. හැබැයි තරහ වෙලා ගොඩක් වෙලා ඉදලා නැහැ.

ධම්මිකා සුරංජි පතිරණ

---------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka