Thursday, October 5, 2017

ෂනාලිට කැපිලි ආවේ කාගෙන්ද?

ෂනාලි කොහොමද ඉතින්?

හොඳින් ඉන්නවා. වරදක් නෑ. මේ දවස්වල 'සල් සපු නා' ෂූටින්. ඊට අමතරව ෂෝස්වලට යනවා. ඒවා තමයි මේ දවස්වල වැඩ.

ෂනාලිත් මෙවර සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නිළි නිර්දේශ ගොන්නට එකතු වුණා නේද?

ඔව්. මමත් ජනප්‍රිය නිළියෝ පහළොස් දෙනා අතර නිර්දේශිත නාමයක් වුණා.

සම්මානය ගිලිහුණු එක ගැන පුංචි දුකක්වත් නැද්ද?

නැහැ. මොකද මම නිර්දේශ නාමයක් වෙයි කියලත් බලාපොරොත්තු වුණේ නැහැ.
නිර්දේශිත නාමයක් වුණු එක ගැන සතුටුයි. සම්මානය අහිමි වෙච්ච එක ගැන දුක නැහැ. ගොඩක් අය ඔය සම්මානේ ගන්න මහන්සි වෙලා වැඩ කළා. එහෙම අයට තමයි ඔය සම්මානේ ලැබුණේ. මම කොහෙත්ම බලපොරොත්තු වුණේ නැහැ අවුරුදු එකහමාරක් ඇතුළත ජනප්‍රිය නිළියක් විදියට නිර්දේශ වෙන්න. ඒ ගැන හිතලා මම ගොඩක් සතුටු වෙනවා.

ෂනාලිගේ නම නිර්දේශ වීමත් සමහරුන්ට ප්‍රශ්නයක් වුණාලු නේද?

ගොඩක් අයට මේ දේ ප්‍රශ්නයක් වුණා. නවක අයටත් නෙවෙයි මට වඩා ටික කාලෙකට කලින් ක්ෂේත්‍රයට ආව අයට තමයි ඒ ප්‍රශ්නය ඇවිත් තිබුණේ.

කවුද ඒ?

නම් කියන්න කැමැති නැහැ මම. ඒ වගේ දෙතුන් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තිබුණා මම රඟපාපු පළමුවැනි නාට්‍යයෙන්ම ජනප්‍රිය නිළියෝ අතර නිර්දේශිත නාමයක් වුණේ කොහොමද කියලා. නිර්මාණ තුන හතරක විතර රඟපාලා ජනප්‍රිය නළුවෝ විදියට නිර්දේශිත නාම අතරටවත් එක් වෙන්න ඒ අයට බැරි වුණ හින්දා පොඩි ඉරිසියාවකුත් ඇති. ඒකට මට කරන්න දෙයක් නැහැ. ජූරියෙන් තමයි ඒ නිර්දේශ පහළොස් දෙනා තෝරලා තියෙන්නේ.

මූණට ඒ විදිහේ කතා කිව්ව අය හිටියද?

මම ෆේස්බුක් එකේ ඒ ගැන කියලා ස්ටේටස් එකක් දැම්මා. ඒ ස්ටේටස් එකටම කෙනෙක් කමෙන්ට් එකක් විදියට දාලා තිබ්බා 'ආහ් නංගි, ඕගොල්ලෝ එස්.එම්.එස්. අරගෙනද ඔතනට ආවේ' කියලා. එස්.එම්.එස්. ගහන්න ඕනේ මොන දුරකතන අංකයටද කියලා මම දැනගෙන හිටියෙත් නැහැ.

ෂනාලි ඔය නොකියා කියන්නේ ක්ෂේත්‍රයේ අයගෙන් ඔයාට කැපිලි තියෙනවා කියන එකද?

ඔව්. එහෙම කැපිලි තියෙනවා. ඒත් අපේ නාට්‍ය ඇතුළේ කට්ටිය නොවේ. ක්ෂේත්‍රය ඇතුළේ හුඟක් දෙනෙක් එක්ක මම වැඩ කරලා නැහැ. ඒත් ක්ෂේත්‍රය ඇතුළෙන් තමයි මට කැපිලි තියෙන්නේ.

ඒකට හේතුවක් ඇතිනේ?

සමහරක් වෙලාවට මමවත් බලාපොරොත්තු නොවුණ විදියේ මට ලැබුණු ජනප්‍රියත්වය වෙන්න ඇති ඒකට හේතුව. පළමුවැනි නාට්‍යයෙන්ම ප්‍රධාන චරිතයක් ලැබුණු එකත් කැපිලි වලට බලපානවා ඇති.

ජනප්‍රිය නිළියෝ අතර නිර්දේශිත නාමයක් වෙලා මෙහෙම නම්, බැරි වෙලාවත් සම්මානේ ලැබුණා නම් එහෙම?

එහෙම වුණා නම් ඒ අයට ලොකු ප්‍රශ්නයක් වෙයි. දුකයි ඉතින් එයාලා ගැන. තමන්ගේ මහන්සියෙන් මනුස්සයෙක් ඉස්සරහට එන්න ඕන. මම නම් හැමවෙලාවෙම හිතන්නේ වෙන කෙනෙක්ට වඩා හොඳ කෙනෙක් වෙනවා කියලා නෙමෙයි. මම දක්ෂයෙක් වෙනවා කියලා. මම දකින විදියට ගොඩක් අයගේ තියන වැරැද්ද තමයි මම එයාට වඩා දක්ෂ වෙනවා කියන සිතුවිල්ල. මම මේ තරම් කෙටි කාලයකින් සාර්ථක ගමනක් ආවේ මම හොඳ නිළියක් වෙන්න ඕනේ කියන බලාපොරොත්තුව නිසා. නැතුව අනෙක් අය එක්ක තරග කරන්න ගිහින් නෙමෙයි.

'සල් සපු නා' නාට්‍ය ඇතුළෙත් ෂනාලිට කැපිලි තියෙනවා කියලා සමහරු කියනවා නේද?

මම දන්න තරමින් නම් එහෙම එකක් නැහැ. නාට්‍ය ඇතුළේ අයගෙන් මට කැපිලි ආවේ නැහැ.

එතකොට නාට්‍යයට එක් වුණු අලුත් චරිතයකින් ෂනාලිට කැපිල්ලක් කියලා සමහරු කිව්වා නේද?

ඔය කතා කරන්නේ මිෂෙල් ගැන. මිෂෙල් කියන්නේ මගේ හොඳ යාළුවෙක්. ඇත්තටම එයාට එහෙම වුවමනාවක් නැහැ. නාට්‍ය තුනක විතර එයා රඟපාලා තියෙනවා. එයාට කිසිම වුවමනාවක් නැහැ මාව කපලා ඉස්සරහට එන්න.

ෂනාලි එකම එක නාට්‍යයකට කොටු වෙලා ඉන්නේ විශේෂ හේතුවක් නිසාද?

මං නාට්‍යයට එනකොට ගොඩක් හොඳට රඟපාන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මට වැඩ දෙක තුනක් එකපාර බදාගෙන කරන්න අමාරුයි. මම හරි සැහැල්ලුවෙන් ඉන්න ආසයි. ඉස්සර වුණත් මම මාසෙකට ෂූට් දෙක තුනක් වගේ කරලා ගෙදර ඉන්නවා. මම ඕනවට වඩා කාර්යබහුල වෙන්න කැමැති නැහැ. නිර්මාණ දෙක තුනක් ආවා. ඒ අතරින් රිදී තිරයට යන්න තිබුණු හොඳම නිර්මාණයක් මඟහැරුණා. බලාපොරොත්තුවක් තියෙනවා කෙටි කාලීනව වැඩවලට සම්බන්ධ වෙන්න.

ෂනාලිට ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන බලාපොරොත්තුවක් නැද්ද?

මම ක්ෂේත්‍රයට එද්දීම කිව්වා මට අවුරුදු 25 වෙද්දී රංගන ජීවිතයෙන් අෑත් වෙනවා කියලා. ඒත් මම ජනප්‍රිය නිළියෝ අතර නිර්දේශිත නාමයක් වුණාට පස්සේ පොඩි බලාපොරොත්තුවක් තියෙනවා තවත් ටික කාලයක් ක්ෂේත්‍රයේ ඇතුළේ රැඳෙන්න. වැඩ බදාගෙන කරන්න නෙවෙයි. හැම චැනල් එකකම පේන නිළියක් වෙන්නත් නෙමෙයි. මම කැමැති කාලෙන් කාලෙට බලන්න පුළුවන් විදියේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න. හැම දේකම එල්ලිලා වැඩ භාර ගත්තොත් ඒක දකින මිනිස්සුන්ටත් එපා වෙයි.

හිතුවටත් වඩා වැඩි කාලයක් ක්ෂේත්‍රයේ රැඳෙනවා කියන්නේ සම්මානයක් ගැන පුංචි හරි බලාපොරොත්තුවකුත් ඇති?

සම්මානයක් ගන්න බලාපොරොත්තුවක් නැතුවම නෙවෙයි. මේ පාර නිර්දේශිත නාමයක් වුණාට පස්සේ සමහර දර්ශන මම රඟපෑවා හරි ලස්සනයි කියලා මිනිස්සු කියද්දි මට හිතෙනවා සම්මානයක් ගන්න මට පුළුවන්කම තියෙනවා කියලා. ඒ වෙනුවෙන් මාත් වැඩ කරනවා. ඒත් ඒ සම්මානය කවදාවත් ජනප්‍රිය නිළිය සම්මානය නෙවෙයි.

(දිනමිණ පුවත්පත ඇසුරෙනි) 

---------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka