Tuesday, October 10, 2017

හිත් රිදීමකින් අවසන් වූ පෙම් කතාව යළි ගිනි ගනී

දිමංක වෙල්ලාලගේ ගායනා කරන අවසාන ප්‍රේමයයි මාගේ ගීතය මීට වසර දෙකකට පමණ පෙර ඔෂානි සංදීපා විසින් පංති කාමරයකදී ගයද්දී එය දුරකථනයකින් වීඩියෝ ගත කරලා අන්තර්ජාලයේ මුහුණු ‍පොතට මුදාහැර තිබුණා. දින දෙක තුනක් තුළ නොසිතූ විදියට මේ ගැන රටේම කතා බහට ලක්වන විට ගීතයේ රචකයා වන ඩිලාන් ගමගේ සහ සංගීත අධ්‍යක්ෂ අශාන් ප්‍රනාන්දු විසින් අවසාන ප්‍රේමයේ කඳුළේ නමින් එයට පිළිතුරු ගීතයක් නිර්මාණය කරලා ඔෂානි ලවා ගායනා කළා. තමන්ගේ අවසරයකින් තොරව මේ කටයුත්ත කළ බවට දිමංක
ඒ දිනවල සිිත් වේදනාවෙන් අදහස් පළ කළා. කොහොම නමුත් ඔෂානි රටේම ජනප්‍රිය තරුවක් බවට පත් වීමට මේ ගීතය බලපෑවා. නමුත් අද වන විට ඩිලාන්ලා සහ ඔෂානි අතර සිත් රිදීමක් ඇති වී ඇති බවයි ආරංචි. මේ දිනවල අන්තර්ජාලය හරහා මේ දෙපාර්ශ්වයම එකිනෙකාට ඇඟිලි දිගු කරගන්නවා. මේ ගැන අපි මේ දෙපාර්ශ්වයෙන්ම අදහස් විමසුවා. අවසාන ප්‍රේමයයි ගීතය ජනප්‍රිය ගීයක් වුණේ දිමංකගේ හඩින් බව අමතක කරන්න බැරි නිසා අපි ඔහුවත් මෙම සංවාදයට එක්කාසු කර ගත්තා.

පුංචි අතපසු වීමක් වුණා. ඒත් මගේ හැදියාව හොඳ නෑ කියලා අන්තර්ජාලයේ දැම්මාම ගෑනු ළමයෙක් විදියට මට දුක හිතුණා

- ඔෂානී සංදීපා

මම 2011 දී දෙරණ ලිට්ල් ස්ටාර් තරගයේ දක්ෂතම ගායනයට හිමි කිරුළ හිමි කරගත්තා. ඒ තුළින් තරගය නැරඹු අය අතර මට ජනප්‍රියත්වයක් හිමි වුණා. ඒ වගේම අවසාන ප්‍රේමයයි ගීතය පන්තියේදී ගායනා කරලා ඒක අන්තර්ජාලයට මුදා හැරියාට පස්සෙත් මුහුණු ‍පොත හරහා මට ජනප්‍රියත්වයක් ලැබුණා. ඔය අවස්ථාවේ ඩිලාන් අයියා හා අශාන් අයියා මා වෙනුවෙන් අවසාන ප්‍රේමයයි කඳුළේ ගීතය නිර්මාණය කළා. ඒ ගීතය මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් කීවොත් නිවැරදියි. මේ නිසා මම හැම රූපවාහිනී සාකච්ඡාවකදීම සහ පුවත්පත් සාකච්ඡාවකදීම වගේ ඒ දෙන්නවම ආදරයෙන් සිහිපත් කළා. නමුත් එක්තරා පුවත්පතක් සමග කළ සාකච්ඡාවකදී ඒ දෙන්නගේ නම් සඳහන් කරන්න මට අමතක වුණා. ඒ නිසයි ඩිලාන් අයියගේ හිත රිදිලා මා ගැන සටහනක් ෆේස් බුක් එකේ දාලා තිබුණේ. මමත් සිදුවූ අතපසුවීමට සමාව ඉල්ලලා ෆේස් බුක් සටහනක් දැම්මා. ඒත් ඒ සටහනට යම් යම් අය දාලා තිබූ කමෙන්ට් හා ඇති වූ ආන්දෝලනය නිසා මම ගොඩක් කලබල වුණා. ඒ වගේම මගේ හිත තදින්ම රිදුණා. ඒ වගේ වෙලාවක තමයි මම අන්තර්ජාල වබේ අඩවියකින් කතා කළාම උත්තර දුන්නේ. ඒ සාකච්ඡාවේදී මගේ උත්තර ටිකක් ආවේගශීලී වෙන්න ඇති. ඒකට හේතුව පුංචි අතපසුවීම නිසා මට ලොකු හිත් රිදීමක් වීම. මගේ හැදියාව ගැන ඩිලාන් අයියා කියලා තිබුණම මට ගොඩක් දුක හිතුණා. ගෑනු ළමයකුට හැදියාව හොඳ නෑ කියද්දී හිත රිදෙනවා. මගෙන් සිදුවූ අතපසු වීම, නම සඳහන් කරන්න බැරි වීමක් විතරයි. හැබැයි එහෙම වුණේ මගේ හැදියාවක් නැතිකම නිසා ‍නෙවෙයි. ඒක අතපසු වීමක් පමණයි. අවසාන ප්‍රේමයයි කඳුළේ ගීතයට මමවත් තාත්තාවත් මුදල් බලා‍පොරොත්තු වුණේ නැහැ. ඒ වෙද්දී අපි රිංගිං ටෝන් ගැන  දැනගෙන හිටියෙත් නැහැ. ඒත් මුදලට වඩා වටිනා දෙයක් ඒ ගීතයෙන් මට ලැබුණා. ඒකට මම ඩිලාන් අයියාට ස්තූති කරනවා.

හැකියාව වගේම හැදියාවත් වැදගත් කියලා මම එෆ්.බි. එකේ දැම්මේ ඇගේ ඉදිරි ගමනට යහපතක් කරන්නයි

- ඩිලාන් ගමගේ

ඔෂානි ගීත ගායනා කරලා තියෙන බවක්වත් ඇය පුංචි දැරියක් විදියට ලිට්ල් ස්ටාර් තරගයෙන් ජයග්‍රහණය කරලා තියෙන බවවත් මම මුලදී දැනගෙන හිටියේ නැහැ. මම ඇයව දැන ගත්තේ අවසාන ප්‍රේමයයි ගීතය තුළින් ෆේස් බුක් හරහා ඇය රටේම කතාබහට ලක්වන විටදීයි. ඒ වෙලාවේ වැඩි විස්තර හොයලා බලද්දී ඇය ඇඹිලිපිටියේ අහිංසක ළමයෙක් බව දැන ගන්න ලැබුණා. මමත් ඇඹිලිපිටියේ. කැ‍ලේ පිපුණ මලකට රටටම සුවඳ විහිදුවන්න උදව් කරනවා කියන ච්ෙතනාවෙන් තමයි මම මගේම වියදමින් අවසාන ප්‍රේමයයි කඳුළේ ගීතය ඇයට නිර්මාණය කරලා දුන්නේ. ඒ අවස්ථාවේ ඔෂානියි ඇගේ තාත්තයි ගොඩක් සතුටින් ගෞරවණීය විදියට මගේ ආරාධනය පිළිගත්තා. ගීතයත් එක්කම ඇයට අසීමිත ජනප්‍රියත්වයක් ලැබුණා. හැබැයි කාලයක් යද්දී ඇයට මාවයි අශාන්වයි අමතක වුණා. 2015 දී ඔය ගීතය පටිගත කරලා ගියාට පස්සේ අද වනතුරු ඇය මට දුරකථනයෙන් කතා කරලා දුක සැප අහලාවත් නැහැ. ඔෂානිගෙ තාත්තා එකම වතාවක් විතරක් මට කතා කළා. ඒ ඔෂානිට තවත් ගීතයක් ලියන්න කියලා කියන්නයි. ඒත් ඇතිවූ කලකිරීම මත මම එය ප්‍රතික්‍ෂේප කළා. මම ආයේ කිසිම දාක ඔෂානිට සිංදු ලියන්නේ නැහැ. හැබැයි ඇය සමග කිසිම අමනාපයක්වත් වෛරයක්වත් නැහැ. පුංචි ළමයෙක් එක්ක ගැටුම් ඇති කරගන්න මට බැහැ.
මම ඇයට උදව් කිරීමේ පරම පවිත්‍ර ච්ෙතනාවෙන් අවසාන ප්‍රේමයයි කඳුළේ ගීතය නිර්මාණය කළාට එය රිංගිං ටෝන් සඳහා දෙන්න ඇය හිතාගෙන හිටියාද කියලා ඇගේ යම් යම් ප්‍රකාශ වලින් පෙනෙනවා. ඒ ගීතයේ අයිතිකරු මම. ඒ ගීතය ඇයට නිර්මාණය කළේ මගේ වියදමින්. මම ඒක රිංගිං ටෝන් වෙනුවෙන් දුන්නා. ඒත් ඒ වෙද්දී දිමංකගේ ගීතය ජනප්‍රිය වෙලා ඉවරයි. ඒ හින්දා ඔෂානිගේ ගීතයෙන් රිංගිං ටෝන් හරහා සතයවක් මට ලාභ ලැබුණේ නැහැ. මම ඇති කළ කෙනා මමම නැති කරනවා කියන අදහස නම් මගේ හිතේ කොතනවත් නැහැ. ඇය දක්ෂයි හැකියාව වගේම හැදියාවත් වැදගත් කියලා මම එෆ්.බි. එකේ සටහනක් දැම්මේ ඇගේ ඉදිරි ගමනට යහපතක් කරන්නයි. වැඩිහිටියකුගේ යුතුකම ‍පොඩි ළමයකුගේ වැරදි පෙන්නලා දෙන එකයි. ඒත් ඒ ප්‍රකාශයන් ඇය වැරදියට වටහාගෙන ඇති බවයි එක්තරා වබේ අඩවියකට කළ ප්‍රකාශයකින් මට තේරුම් ගියේ. ඒ කොහොම වුණත් දක්ෂතාව හා නිහතමානිකම වැඩි දියුණු කරගෙන ක්‍ෂේත්‍රය තුළ දිග ගමනක් යන්න හැකිවේවා කියල මම ඔෂානිට සුබ පතනවා.

මුල අමතක කරන්නත් හොඳ නෑ කළ උපකාර ගැන නැවත නැවත කියන්නත් හොඳ නෑ

- දිමංක වෙල්ලාලගේ

“අවසාන ප්‍රේමයයි මාගේ ගීතය මුල් කරගෙන අද වෙද්දී ඩිලාන්ටයි ඔෂානිටයි හිත් රිදීමක් ඇති වෙලා. ඔය හිත් රිදීම මට ඇතිවුණේ 2015 දී. මම මහා ගායකයෙක් නම් මගේ ගීතයට පිළිතුරු ගීතයක් කළාට මට ගැටලුවක් නැහැ. මමත් මහන්සියෙන් ඉදිරියට එන්න හදන කෙනෙක්. අවසාන ප්‍රේමයයි ගීතයෙන් මම මතුවේගෙන එන වෙලාවේ ඒ ගීතයට පිළිතුරු ගීතයක් නිර්මාණය වීම මට විශාල පහරක් වුණා. එදා ඔෂානිගේ ගීතය මතුවෙලා මගේ ගීතය යටපත් වෙලා ගියා නම් මේ වෙද්දී මගේ ගායන ජීවිතය නතර වෙලා. ඒත් මොකක්දෝ වාසනාවකට මගේ ගීතය යටපත් වුණේ නැහැ. ඔෂානියි ඩිලානුයි අශානුයි අතර අද ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය ගැන මට ප්‍රකාශ කරන්න වෙන්නේ පිටස්තර තැනක ඉඳලා. මට කියන්න තියෙන්නේ මෙපමණයි. අවසාන ප්‍රේමයයි ගීතයට ච්ඥපචදච ර්භඵඪජ ඪඤඥධ ඒඹචපඤ වලදී මා සම්මානයට පාත්‍රවූ මොහොතේ මම එය නිර්මාණය කළ ඩිලාන්ටයි අශාන්ටයි ස්තූති කළේ දෙවැනියට. පළමුවෙන් සිහිපත් කළේ මාව ක්‍ෂේත්‍රයට ගෙනාපු රාජ්ව. මොකද කවදාවත් මුල අමතක කරලා ඉදිරි ගමනක් යන්න බැහැ. ඒ වගේම තමයි අපි කාටහරි අවංක හිතින් උදව්වක් කළා නම් ඒ වෙනුවෙන් ප්‍රතිඋපකාර හෝ ගෞරවයන් බලා‍පොරොත්තු විය යුතුත් නැහැ. ඔෂානිටයි ඩිලාන්ටයි දෙන්නටම මට කියන්න තියෙන්නේ එපමණයි. අනික ඉතින් මම අමරදේව ‍නෙවෙයි. ඩිලාන් රත්න ශ්‍රී විජේසිංහ නමෛයි. ඔෂානි නන්දා මාලනී නොවෙයි. අපි අපේ තරම වටහා ගෙන ඉදිරි ගමන සකසා ගත යුතුයි කියලා මම මේ මොහොතේ කාට කාටත් සිහිපත් කරන්න කැමතියි.


(ලක්බිම පුවත්පත ඇසුරෙන්) 

---------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka