පුංචි තිරයේ අසිරිමත් මහා කලා මංගල්‍යය හෙවත් සුමති සම්මාන උළෙල (20) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී 22 වැනි වරටත් අති උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්විය. පසුගිය වසරේ රූපවාහිනී මාධ්‍යය ඔස්සේ සුවිශේෂී දක්ෂතා ප්‍රකට කළ කලාකරුවෝ සහ කලාකාරිනියෝ 60කට ආසන්න සංඛ්‍යාවක් එහිදී සම්මානයෙන් පිදුම් ලැබුහ.
හොඳම නළුවා ලෙස සුමිත් රත්නායකත්, හොඳම නිළිය ලෙස උමාලි තිලකරත්නත් 2017 සුමති සම්මානයෙන් පිදුම් ලැබූහ. කලාකරුවෙකුට හෝ කලාකාරියකට ජීවිතයේ එක් වරක් පමණක් හිමි වන යූ. ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණයෙන් මෙවර ස්වර්ණා මල්ලවආරච්චි සහ නීටා ප්‍රනාන්දු පිදුම් ලැබුවාය. ජනප්‍රිය නළුවාට සහ නිළියට හිමි සම්මාන කාවිංග පෙරේරා සහ
නයනතාරා වික්‍රමාරච්චි යන අය විසින් දිනා ගත්තේය. නැගී එන නළුවාට හිමි සම්මානය සහ නැගී එන නිළියට හිමි සම්මානය පිළිවෙළින් සජිත අනුත්තර සහ ගයාත්‍රි රාජපක්ෂ දිනා ගත්තේය. මෙවර සුමති සම්මාන උළෙලේ හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයා ලෙස සුමිත් රත්නායක ඇගයුමට ලක්විය. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ මද්දහන ටෙලි නාට්‍ය හොඳම ටෙලි නාට්‍යයට හිමි සම්මානය දිනා ගත්තේය. ජනප්‍රියතම ටෙලි නාට්‍ය ලෙස මෙවර සුමති සම්මානයෙන් පිදුම් ලැබූයේ දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශය වූ දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයයි.හොඳම නළුවා ලෙස සුමිත් රත්නායකත්, හොඳම නිළිය ලෙස උමාලි තිලකරත්නත් 2017 සුමති සම්මානයෙන් පිදුම් ලැබූහ. කලාකරුවෙකුට හෝ කලාකාරියකට ජීවිතයේ එක් වරක් පමණක් හිමි වන යූ. ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණයෙන් මෙවර ස්වර්ණා මල්ලවආරච්චි සහ නීටා ප්‍රනාන්දු පිදුම් ලැබුවාය. ජනප්‍රිය නළුවාට සහ නිළියට හිමි සම්මාන කාවිංග පෙරේරා සහ
(ලංකාදීප පුවත්පත ඇසුරෙනි)