Monday, February 3, 2020

“මට දැන් ආදරය කරන්න පෙම්වතෙක් නැහැ. ආදර සබඳතාවලදි නම් අම්මා බලපෑම් කරනවා.”- ටීනා

ජනප්‍රියත්වය ආකර්ෂණය ආදරය තුළ දිදුලන තරුවක් වන ටීනා පුංචි තිරයේ හෝ සිනමාවේ නිතර දෙවේලේ දකින්න නොහිටියත් අලුත් විලාසිතාවකින් නර්තනයකින් වෙළෙඳ දැන්වීමකින් මියුසික් වීඩියෝවකින් ජනතාව අතර සිටින ටීනාගේ ජනප්‍රියත්වය නොවෙනස්ව තිබෙනවා.
මේ දිනවල විලාසිතාවකින් ස්වකීය ජනප්‍රියත්වය අලුත් කරගත් ටීනා විලාසිතා කලාව ජීවිතය හා ආදරය ගැන සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

ටීනා කිව්වොත් විලාසිතා විලසිතා කිව්වොත් ටීනා කියල මට හිතෙනව?
මෙහෙමයි විලාසිතා කියන්නෙ මගේ ඇඟේම තියෙන දෙයක් මම කැමති විදිහටයි නිර්මාණ
ශිල්පීන් ලවා මම මගේ විලාසිතා නිර්මාණය කරගන්නව.
ඒ විලාසිතා අනුගමනය කරන අය කොපි කරන අය ඉන්නව. ඒ ගැන මට ගොඩක් සතුටුයි. මග තොටේදි මුණගැහෙන නංගිලා මට කියනව අක්කෙ ඔයා අඳින විදිහට අපි කැමතියි. ඒ විලාසිතා අපිත් කරනව කියලා.

ඔබගේ විලාසිතා ගැන හොඳ විතරමද අහන්න ලැබෙන්නෙ?
ලංකාවේ මිනිස්සු බනින්නෙ නැත්තෙ මොන දේටද කියන්නකො. කව්රු හරි සාරියක් හෝ දිගට ඇඳන් ගියත් ඒකෙත් මොකක් හරි වරදක් දකිනව. මම හරි කැමතියි මට හොඳ කියන අය වගේම මට බනින අයත් ඉන්නවට. මට මගේ වැරදි හදාගෙන ඉදිරියට යන්න ශක්තියක් ඒ අය. එයාල කියන කතා මම ප්‍රශ්නයක් කරගන්නෙ නැහැ.

ටීනා කියන්නෙ බොහෝ සමාජශීලී චරිතයක්ද?
පුද්ගලික ජීවිතයේ මම සාමාන්‍යයෙන් සාදවලට යන මත්වෙන දේවල් පානය කරන කෙනෙක් නෙවෙයි. මගේ මිතුරු මිතුරියන් ඒ ගැන දන්නව දැන් ඉන්න නිරුපිකාවන් එක්ක ගත්තම මම එහෙම අනවශ්‍ය දේවල් කරන නිරූපිකාවක්වත් නිළියක්වත් නෙවෙයි මම ළගින්ම ඇසුරු කරන මිතුරු මිතුරියන් කිහිප දෙනා පමණක් ඇසුරු කරන්නෙ සිනිති අකිලා සුමිත් අයියා ලංකා ඩමි අයියා ෆීල්ඩ් එකේ සහෝදරයො වගේ ඉන්න පිරිසක් මට ඉන්නව. මම හැම කෙනෙක්ම යාළුවො විදිහට තෝරගන්න කැමති කෙනෙක් නෙවෙයි. කෙනෙක් මට ආශ්‍රය කරන්න ඕන නැහැ කියල හිතුනොත් මම ඔවුන් ආශ්‍රය කරන්නෙ නැහැ.

මේ දවස්වල කරගෙන යන වැඩ මොනවද?
මගේ අලුත් චිත්‍රපටය හෝන් ගැන බලාපොරොත්තුවෙන් ඉන්නව. අලුත් ටෙලි නාට්‍යයකටත් ඇරයුමක් ලැබිල තියෙනව. ඔය අතර නිරූපණ ක්ෂෙත්‍රයේ වැඩ කරගෙන ඉන්නව.

ටීනා චිත්‍රපට හා ටෙලි නාට්‍ය සීමා කරන්නෙ නිරූපණයට වැඩිපුර කාලය යොදවන්නද?
මම හැම වැඩකටම යන්නෙ නැහැ යමක් කරන්න තීරණය කරන්නෙ එහි නළු නිළියන් අධ්‍යක්ෂකවරයා ආදී ගොඩක් දේවල් ගැන හොයල බලලයි.
කාලයක් මම මියුසික් විඩියෝවල වැඩ කළා. කාලයක් මියුසික් විඩියෝවලට පෙනී ඉන්න එක අඩු කරලා තිබුණා දැන් ආයෙමත් මියුසික් විඩියෝවල වැඩ කරනවා. කාලෙන් කාලෙට කරන වැඩ අඩු වැඩි කරනව එහෙම තමයි මම මේ ක්ෂේත්‍රයේ ඉන්නෙ.

මේ විදිහට වෙනස් වෙන්න විශේෂ හේතුවක් තියෙනවද?

නිරූපිකාවක් විදිහට කාලෙන් කාලෙට මම මගේ විලාසිතා කොණ්ඩයේ වර්ණ හිසකේ විලසිතාව වෙනස් කරනව. මේ වෙත්දි මම කොණ්ඩෙ කළු කරගෙන ඉන්නව කාලයක් මම මහතට හිටියා. මම දැන් ගොඩක් සිහින් පෙනුමකින් ඉන්නව.

මේ වෙනස් වීම් වලට හේතුව පෙම්වතාගෙ කැමැත්තද?
නැහැ මට දැන් ආදරය කරන්න පෙම්වතෙක් නැහැ.

කලාවට යොමුවන හිතකට ටීනා මේ හිතන පතන ආකාරය හරියටම තේරුම් ගන්න පුළුවන් කියලා හිතිලා නැතිද?

ක්ෂේත්‍රයේ කෙනෙක් මට ගැළපෙන්නෙ නැහැ කියල මම හිතනව. මම හිතන විදිහට ක්ෂේත්‍රයේ කෙනෙක් එක්ක පවුල් ජීවිතයක් ගත කරන්න හරි අමාරුයි. මම කැමති සාමාන්‍ය විදිහට ජීවත්වෙන කෙනෙක් මට ලැබෙනව නම්.

අපේ තරුණ නිළියන් ආදරය කරන්න යහමින් සල්ලි තියෙන අය තෝරගන්න ප්‍රවනතාව ටීනාගේ තේරීමටත් පොදුයිද?

එහෙම නැහැ මෙතෙක් මම ආදරය කළ අය එහෙම ධනවත් අය නෙවෙයි. මම තමයි ඒ ගොල්ලන්ටත් වියදම් කරල තියෙන්නෙ. මම මුදල් පසුපස යන කෙනෙක් නෙවෙයි.

කරන චරිත හා අඳින ඇඳුම් දිහා බලල නිළියන්ට චරිත සහතික ලියවෙනවා නේද?

ඒක මිනිස්සුන්ගෙ අණුවනකම. මොකද අපි කරන චරිතයකින් අපි ඒ වගේ කියල හිතන එකවත් අපි කෙටි ඇඳුමක් ඇන්ද කියල අපේ චරිතය හොඳ නැහැ කියල හරි හිතනව නම් ඒක විහිළුවක්. දිගට ඇඳගෙන සමාජය ඉදිරියට ඇවිත් බොරුවට හොඳ අය විදිහට රඟපාන නිළියොත් ඕන තරම් ඉන්නවා.
මම ළඟින් ආශ්‍රය කරන අය දන්නව මම කව්ද කියල. මට හැමෝටම මම මොනවගේ කෙනක්ද කියල කිය කියා යන්න නම් ඕන නැහැ.

පවුලේ බඩපිස්සි විදිහට ටීනාගේ ගෙදර ජීවිතය මොන වගේද?
මට ඉන්නෙ සහෝදරියන් දෙදෙනෙක්. අපේ ගෙදර ඉන්නෙ ගැහැනු අයම හතර දෙනෙක්. අම්ම මට ලොකුවට නීති දාලා නැහැ මම අනවශ්‍ය දෙවල් කරන්න යන කෙනෙක් නෙවෙයි කියල ගෙදර අය දන්නව. ආදර සබඳතාවලදි නම් අම්මා බලපෑම් කරනව.

මේ ජනප්‍රියත්වය හැම වෙලාවෙම සිත පිනවන සාධකයක්ද?

වෙලාවකට සතුටත් වෙලාවකට අව්ලකුත් තියෙනව. හේතුව මම සාමාන්‍ය විදිහට ඉන්න කැමතියි.
අපිට ප්‍රශ්න නැහැ හරිම සතුටින් ඉන්නෙ. අපිට හරියටම සල්ලි තියෙනව කියලයි මිනිස්සු හිතන්නෙ. එහෙම එකක් නැහැ. අපිට තමයි වැඩිපුර ප්‍රශ්න තියෙන්නෙ.
අපි මේ ජීවත්වෙන සමාජයේ බලපෑම් එනව වැඩියි ජනප්‍රිය නිසා. අපි යන එන තැන් වීඩියෝ කරනව ෆොටෝ ගන්නව. මේවා කරදරයක් වුණ අවස්ථා තියෙනව. ඒ වගේම ජනප්‍රියත්වයේ සතුටකුත් තියෙනවා. මට ආදරය කරන මා ගැන කතා කරන පිරිසක් ඉන්නවනෙ කියලා.

 under the courtesy of aruna.lk news web

---------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka